නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු පළාතේ 772 දෙනෙකු විපතට - ආරක්ෂිත මධ්‍යස්ථානවල 377ක්

    දෙසැම්බර් 28, 2014

    අද (28) පස්වරු 6.00 වනවිට පවතින අයහපත් කාලගුණය නිසා ඇති වූ දැඩි වර්ෂාව හා ගංවතුර නිසා දකුණු පළාතේ පවුල් 240ක පුද්ගලයින් 772 දෙනෙකු ආපදාවට ලක් ව ඇත. ආරක්ෂිත මධ්‍යස්ථාන 3ක රඳවා ඇති පවුල් ගණන 163ක් වන අතර එහි පුද්ගලයින් 377 දෙනෙකු සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    දකුණු පළාතෙන් පුද්ගල මරණ වාර්තා නො වේ. නිවාස 21ක් සම්පූර්ණයෙන් හානි වී ඇති අතර 43කට අර්ධ හානි සිදුව තිබේ.

     

    දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දැඩි වර්ෂාව නිසා කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 11ක 51දෙනෙක් ද
     මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2ක 9 දෙනෙක් ද  මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 21ක 102 දෙනෙක් ද හක්මන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 13ක 98 දෙනෙක් ද  කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3ක 15 දෙනෙක් ද දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1ක 4 දෙනෙක් ද පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 20ක 90දෙනෙක් ද කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2ක 10 දෙනෙක් ද ඇතුළුව පවුල් 73ක 379 දෙනෙක් ආපදාවට පත් ව සිටිති.
     
    දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානම හා ගංවතුර නිසා බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 4ක 16 දෙනෙක් ද හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 4ක 27 දෙනෙක් ද තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 159ක 350 දෙනෙක් ද ඇතුළුව පවුල් 167ක 393 දෙනෙක් ආපදාවට පත් ව සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya