නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාතේ 15282 දෙනෙකු විපතට - ආරක්ෂිත මධ්‍යස්ථානවල 7078ක්

    දෙසැම්බර් 28, 2014

    අද (28) මධ්‍යහන 12.00 වනවිට පවතින අයහපත් කාලගුණය නිසා ගංවතුර, නායයෑම් අවදානම, දැඩි සුළඟ ආපදාවට ලක් ව මධ්‍යම පළාතේ පවුල් 4630ක පුද්ගලයින් 15282 දෙනෙකු ආපදාවට ලක් ව ඇත. ආරක්ෂිත මධ්‍යස්ථාන 84ක රඳවා ඇති පවුල් ගණන 2167ක් වන අතර එහි පුද්ගලයින් 7078 දෙනෙකු සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    මාතලේ ගලේවෙලින් ද මහනුවර යටිනුවරින් ද එක් මරණය බැගින් වාර්තා වන අතර 12 දෙනෙකු තුවාල ලබා ඇත. නිවාස 78ක් සම්පූර්ණයෙන් හානි වී ඇති අතර 803කට අර්ධ හානි සිදුව තිබේ.

     

    මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා නිසා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 91ක 315දෙනෙක් ද විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 408ක 1483 දෙනෙක් ද උකුවෙළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 96ක  308 දෙනෙක් ද අඹන්ගඟ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 82ක 315 දෙනෙක් ද ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 39ක 147 දෙනෙක් ද ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 9ක 30 දෙනෙක් ද මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 108ක 383 දෙනෙක් ද නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1217ක 3637 දෙනෙක් ද රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 31ක 125 දෙනෙක් ද පල්ලේපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 62ක 239 දෙනෙක් ද යටවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 60ක 240 දෙනෙක් ද ඇතුළුව පවුල් 2203ක 7222 දෙනෙක් අවතැන් ව සිටිති.

     

    මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයෑම් සහ නායයෑමේ අවදානම නිසා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 12ක 55 දෙනෙක් ද දැඩි සුළඟ හා ගංවතුර නිසා කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 5ක 20 දෙනෙක් ද දැඩි වර්ෂාව, පස්කඳු කඩා වැටීම් හා නායයෑම් නිසා වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 165ක 458 දෙනෙක් ද නායයෑම් අවදානම, ඉවුරු කඩා වැටීම හා ගංවතුර නිසා හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 86ක 307 දෙනෙක් ද දැඩි වර්ෂාව නිසා අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1ක 5දෙනෙක් ද ඇතුළුව පවුල් 269ක 845 දෙනෙක් අවතැන් ව සිටිති.

     

    මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ දැඩි වර්ෂාව නිසා පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 72ක 172 දෙනෙක් ද හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 132ක 483 දෙනෙක් ද කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 59ක 226 දෙනෙක් ද උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 108ක 329 දෙනෙක් ද මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 206ක 911දෙනෙක් ද පාත දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 216ක 716 දෙනෙක් ද යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 33ක 158 දෙනෙක් ද පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3ක 14 දෙනෙක් ද මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 835ක 2233 දෙනෙක් ද පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 12ක 63දෙනෙක් ද දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 73ක 244 දෙනෙක් ද අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 138ක 587දෙනෙක් ද දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 43ක 174 දෙනෙක් ද උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 54ක 212 දෙනෙක් ද හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 11ක 52 දෙනෙක් ද පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 57ක 209 දෙනෙක් ද ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 41ක 167 දෙනෙක් ද උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3ක 13 දෙනෙක් ද ගඟඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 9ක 38 දෙනෙක් ද ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 53ක 214 දෙනෙක් ද ඇතුළුව පවුල් 2158ක 7215 දෙනෙක් අවතැන් ව සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya