නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පළාතේ 38397 දෙනෙකු විපතට - ආරක්ෂිත මධ්‍යස්ථානවල 13416ක්

    දෙසැම්බර් 28, 2014

    අද (28) මධ්‍යහන 12.00 වනවිට පවතින අයහපත් කාලගුණය නිසා ඇති වූ ගංවතුර නිසා වයඹ පළාතේ පවුල් 10832ක පුද්ගලයින් 38397 දෙනෙකු ආපදාවට ලක් ව ඇත. ආරක්ෂිත මධ්‍යස්ථාන 86ක රඳවා ඇති පවුල් ගණන 3949ක් වන අතර එහි පුද්ගලයින් 13416 දෙනෙකු සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    කුරුණෑගල ඉබ්බාගමුව සහ අලව්වෙන් එක් මරණයක් බැගින් ද පුත්තලමේ මහකුඹුක්කඩවලින් එක් මරණයක් ද වාර්තා වේ. නිවාස 52ක් සම්පූර්ණයෙන් හානි වී ඇති අතර 129කට අර්ධ හානි සිදුව තිබේ.

     

    වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා නිසා කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 169ක 408 දෙනෙක් ද ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 79ක 235 දෙනෙක් ද රස්නායක පුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 231ක 649 දෙනෙක් ද මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 8ක 37දෙනෙක් ද නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 144ක 443 දෙනෙක් ද වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 213ක 765 දෙනෙක් ද අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 21ක 68 දෙනෙක් ද ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 94ක 492 දෙනෙක් ද අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 128ක 495 දෙනෙක් ද පඬුවස්නුවර නැඟෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 25ක 66දෙනෙක් ද ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 17ක 51දෙනෙක් ද උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 28ක 97 දෙනෙක් ද පඬුවස්නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 98ක 336දෙනෙක් ද බටහිර බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 518ක 1663 දෙනෙක් ද මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 274ක 1025 දෙනෙක් ද මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 40ක 145 දෙනෙක් ද බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 51ක 207 දෙනෙක් ද පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 193ක 744 දෙනෙක් ද රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 211ක 752 දෙනෙක් ද මාස්පොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 21ක 75දෙනෙක් ද කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 37ක 175 දෙනෙක් ද ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 59ක 198 දෙනෙක් ද වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 5ක 18දෙනෙක් ද පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 110ක 432 දෙනෙක් ද නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 205ක 700 දෙනෙක් ද කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2ක 9දෙනෙක් ද පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 4ක 17 දෙනෙක් ද  ඇතුළුව පවුල් 2985ක 10302 දෙනෙක් අවතැන් ව සිටිති.
     

    වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා නිසා මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2140ක 7849 දෙනෙක් ද නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 190ක 626 දෙනෙක් ද මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 65ක 286 දෙනෙක් ද කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1685ක 6202 දෙනෙක් ද කළුවරගස් වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 193ක 523 දෙනෙක් ද වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 252ක 909 දෙනෙක් ද ආනමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 33ක 114 දෙනෙක් ද පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 131ක 737දෙනෙක් ද හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1773ක 6143 දෙනෙක් ද ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 952ක 3133 දෙනෙක් ද මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 203ක 812 දෙනෙක් ද නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 14ක 47 දෙනෙක් ද වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 85ක 340 දෙනෙක් ද දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 131ක 374 දෙනෙක් ද ඇතුළුව පවුල් 7847ක 38397 දෙනෙක් අවතැන් ව සිටිති.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya