නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් ආර්ථික මොඩියුලයක් හඳුන්වා දුන්නේ වත්මන් ජනාධිපති

    දෙසැම්බර් 23, 2014
    ලෝකයට ම අලුත් ආර්ථික මොඩියුලයක් හඳුන්වා දෙමින් ශ‍්‍රී ලංකාව තරගකාරී ලෙස නැගීටින රටක් බවට පත් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය. 
    අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ ඊයේ (22) ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ ප‍්‍රධානත්වයෙන් මහනුවර ගෙලිඔය කරමඩ වේළුවනාරාම විහාරස්ථානයේ දී පැවති "පාරමිතා සිසු උදාන වැඩමුළුව" අමතමිනි.
     
    "ජනාධිපතිතුමා රට ගොඩනගන කාරණයේ දී ලෝකයේ කිසිම නායකයෙකුට සම කරන්න බැරි අති විශේෂ විදියකටයි රට ගොඩ නැගුවේ. ලෝකයේ නිෂ්පාදනය, බෙදාහැරීම සහ සේවාවන් සියල්ල අතට ගත්ත සමාජවාදී රටවල් විශාල ජයග‍්‍රහණ සමඟ කම්කරුවන්ගේ, වැඩකරන ජනතාවගේ, දුප්පත් ජනතාවගේ පැත්ත ගත්තත් ඒ රටවල් සියල්ල ආර්ථික වශයෙන් කඩා වැටුණා. ඒ නිසා 77-78 ලෝකය ආර්ථික වශයෙන් කඩාවැටුණා. සමාජවාදී කඳවුරු බිඳ වැටුණා. ඒ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී රටවල් රාජ්‍ය අංශය පුළුල් කරමින් පෞද්ගලික අංශය හිරකරමින් ඉස්සරහට යන්න උත්සාහ කළා. 
     
    රටවල් ආර්ථික වශයෙන් නැඟිටින්න ගත්තත් හැමදා ම දුප්පත් මිනිස්සු, තැලෙන පෙළෙන මිනිස්සු තැලෙන්න පෙළෙන්න ගත්තා. ඒ මිනිස්සු හැමදා ම විඳෙව්වා. මේ සියලු රටවලට සියලු ක‍්‍රමවලට විරුද්ධව යමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ලෝකයට අලුත් ම විදියේ ආර්ථික මොඩියුලයක් හඳුන්වා දුන්නා. ඒ රාජ්‍ය අංශය පුළුල් කරන අතර පෞද්ගලික අංශයටත් අවස්ථාව ලබා දීම. එතුමා ලක්ෂ 4ක් තිබ්බ රාජ්‍ය අංශය ලක්ෂ 14ට නැංවුවා. 2015 අය-වැයටත් 150,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අවශ්‍ය පරිදි මුදල් වෙන් කළා. ඇමෙරිකානු ඩොලර් 100ක 150ක තිබ්බ විදේශ ආයෝජන අද වනවිට 1,000ට 1,400ට නැංවුවා. ලෝකයට අලුත් ආර්ථික මොඩියුලයක් හඳුන්වා දෙන ගමන් තරගකාරී ලෙස අපේ රට නැංවූ එකම නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි.
     
    අද විදුලිය හැම ගෙදරකට ම තියෙනවා. පැල්පත් අඩු වෙලා, කාර්මික විද්‍යාල, විශ්වවිද්‍යාල, තාක්ෂණික ආයතන, උසස් තාක්ෂණික ආයතන සියල්ල දියුණු කරමින් උපාධි ලබාදෙන ආයතන බවට පත් කළා. රටේ සංවර්ධනය පිළිබඳ කිසිවකුටත් අලුතින් කියන්න අවශ්‍ය නැහැ. සියලු දේ සියල්ලන්ගේ ම නෙත් දෙකට පේනවා. එහෙම තිබෙන රටක් යන මේ සුබ ගමන ආපසු හරවන්න කිසිවකුටත් ඉඩ තියන්න එපා යනුවෙන් ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 
     
    මෙම අවස්ථාව සඳහා ජනාධිපති ආර්යා ආචාර්ය ශිරන්ති රාජපක්ෂ, පාරමිතා සංවිධානයේ සභාපති මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර, ලේකම් සහ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් තමරා දිසානායක, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී මානෙල් බණ්ඩාර, උඩුනුවර ප‍්‍රාදේශීය සභා සභාපති බන්දුල සෙනෙවිරත්න ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya