ඒ අනුව මේ වන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල හා දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇති පුරාණ සිද්ධස්ථානයන් 600ක පමණ ප්‍රතිසංස්කරණයන් සිදු කරන ලද බවත් මේ සඳහා ආරක්ෂක අංශයේ සාමාජිකයන් 8,000ක් පමණ දෙනා සහභාගී වී ඇති බවත් පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පුණ්‍ය කටයුත්ත සඳහා ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු ව අනෙකුත් ආයතනයන් හි බෞද්ධ සංගම්වලින් ලබා දුන් මුදල් හා ආරක්ෂක අමාත්‍යාංශයේ විවිධ අරමුදල් ද පරිහරණය කරන ලද බවත් පවසා සිටියේය.
අවසාන වශයෙන් නාවික හමුදාව විසින් කරනු ලබන මෙම වාහල්කඩ සෑදීමේ කටයුත්ත ඉතා ඉක්මනින් අවසන් කරදෙනු ලබන බව ද මෙහිදී රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර සිටියේය.
මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
DB