නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියෙන් තැපැල් ඡන්දදායකයින් 13,615 ක්

    දෙසැම්බර් 23, 2014

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් 13,615 දෙනෙකු මෙවර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඡන්ද මධ්‍යස්ථාන 140කට ආසන්න ප්‍රමාණයක දී මෙම තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු පැවැත්වේ.

    එමෙන් ම ජනවාරි මස 08 වෙනි දිනට පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් 534,150 ක ඡන්ද දායකයින් පිරිසක් සුදුසුකම් ලබා ඇති අතර 2013 වර්ෂය සඳහා ඡන්ද දායකයින් 520,767ක ප්‍රමාණයක් සුදුසුකම් ලබා සිටියහ.

     

    ඒ අනූව 2014 වර්ෂය සඳහා 13,383 ක නව ඡන්ද දායකයින් පිරිසක් මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බව නුවරඑළිය මැතිවරණ දෙපාර්තමේන්තුව දන්වා සිටී.

     

    MAP/SH_DMU_n'eliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya