බස්නාහිර පළාතේ උඩුගම්පොළ, සෙනරත් පරණවිතාන විද්‍යාලය, දෙවෙලපොළ ආනන්ද විද්‍යාලය, බුරුල්ලපිටිය මහා විද්‍යාලය යන පාසල්වල මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර මෙහිදී සිසු අයිතියට පත් කළ අතර මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද එක්ව සිටියේය.
නිර්මල මාතා මහා විද්‍යාලය, අල්-ආක්ෂා ජාතික පාසල, කඩයාමොට්ටෙයි මුස්ලිම් මහා විද්‍යාලය යන පාසල්වල මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සිසු අයිතියට පත්කිරීම මෙදින පස්වරුවේ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
පරිගනක 40කින් සමන්විත පරිගනකාගාරයක්, පරිගනක 20කින් සමන්විත භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක්, විද්‍යාගාරයක්, ගණිතාගාරයක් යන අංගයන්ගෙන් සමන්විතව මෙම තාක්ෂණික විද්‍යාගාර විවෘත වේ. එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් සඳහා රුපියල් ලක්ෂ 200ක් පමණ වැය කර තිබේ.
NDH/kpm