2014 කෑගල්ල දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවයට සමගාමීව පැවැත් වූ මෙම උපහාර දැක්වීම සිදු කෙරිණ. සම්මාන ප්රදානය කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා විසින් සිදු කරන ලදී.
"මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා ශ්‍රී ලංකා ජනමාධ්‍ය සේවයට සිදු කරනු ලැබූ සේවය මිල කළ නොහැකියි. එසේම එතුමාට මෙවැනි උපහාරයක් සිදු කිරීමට අවස්ථාව ලැබීම ද භාග්‍යක්" යැයි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා සඳහන් කළේය.
දිස්ත්‍රික්කය තුළ සිදු කළ මාධ්‍ය මෙහෙවර උදෙසා මෙහිදී කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් 25 දෙනෙකු ද ඇගයීමට ලක් කෙරිණි. මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා ඇතුළු ආරාධිතයෝ විශාල පිරිසක් සහභාගී වූහ.
MAP/LPT_dmu_kegalle