නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර ජල ගැල්මෙන් පිඩාවට පත් ජනතාවට සහන

    දෙසැම්බර් 23, 2014

    ජල ගැල්මෙන් පිඩාවට පත් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 05ක මුදලක් අද දිනයේදී ද ලැබීමට නියමිත බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනෙවිරත්න මහතා පවසයි. පසුගිය 20දා සිට පිසූ ආහාර ලබාදීම සඳහා රුපියල් මිලියන 05ක් ලැබුණු බව ද දිස්ත්‍රික් ලේකම්වරයා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    සුරක්ෂිත මධ්‍යස්ථානවල සිටින ජනතාව සඳහා පිසූ ආහාර සැපයීම අඛන්ඩව ක‍්‍රියාත්මක කරන අතර වියළි ආහාර ද්‍රව්‍ය සැපයීමට ද සුදානමින් සිටින බව දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් පැවසීය.

     

    නිවාස හා දේපල හානි තක්සේරු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. කහටගස්දිගිලිය, හොරොව්පොතාන, ගලෙන්බිඳුණුවැව ආදී ප‍්‍රදේශ රැසකට බ්ලැන්කට්, තුවා, පැඳුරු ආදී අවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීම ඊයේ දිනයේ දී දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් සිදු වූ බව අනුරාධපුර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

     

    MAP/YGSIB/dmu_anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya