නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර රැසක් ඉදිරි දිනවලදී සිසු අයිතියට

    දෙසැම්බර් 22, 2014

    මහින්දෝදය පාසල් 1000ක් ප්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර රැසක් දෙසැම්බර් 25,26,27 යන දිනවලදී සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.


    සබරගමුව පළාතේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 5ක් සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන
    මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 25 වන දින සිදු කෙරේ.

    ඒ අනුව එදින පෙ.ව. 7.30ට රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, මීපාගම ජයන්ති මහා විද්‍යාලය, පෙ.ව 9.30ට බලංගොඩ, ඇම්බෑවිල වජිරවංශ මහා විද්‍යාලය, පෙ.ව 11.00ට වැලිගෙපොළ වලගම්බා මහා විද්‍යාලය, ප.ව. 1.30ට ආනන්ද මෛත්‍රීය මහා විද්‍යාලය හා ප.ව 3.00ට ඇඹිලිපිටිය, කොළඹගේ ආර මහා විද්‍යාලවල මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සිසු අයිතියට පත්කරනු ඇත.

    දකුණු පළාතේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 12ක් සිසු අයිතියට පත්කිරීම ද ලබන 26 හා 27 දිනයන්හි දී සිදු කෙරේ. දෙසැම්බර් 26 දින පෙ.ව 8.00ට පල්ලේගම මහා විද්‍යාලය, පෙ.ව. 9.30ට හෑනන්ඩ්ෆර්ට් දෙමළ කනිෂ්ඨ විද්‍යාලය, පෙ.ව 11.00ට මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල, ප.ව 1.30ට පිටබැද්දර මහා විද්‍යාලය, ප.ව 3.00ට රොටුඹ මහා විද්‍යාලය හා ප.ව 4.00ට බෙංගමුව මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සිසු අයිතියට පත්කිරීමට නියමිතය.

    දෙසැම්බර් 27 දින පෙ.ව. 9.00ට ගැටමාන්න මහා විද්‍යාලය, පෙ.ව. 10.00ට බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය, පෙ.ව 11.00ට පුවක්දණ්ඩාව ධම්මපාල බාලිකා විද්‍යාලය, මධ්‍යහ්න 12.00ට රුහුණු විජයබා මහා විද්‍යාලය, ප.ව 1.30ට ශාන්ත මේරි මහා විද්‍යාලය හා ප.ව. 3.00ට දෙබරවැව ජාතික පාසලේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කරනු ඇත.

    පරිගනක 40කින් සමන්විත පරිගනකාගාරයක්, පරිගනක 20කින් සමන්විත භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක්, විද්‍යාගාරයක්, ගණිතාගාරයක් යන අංගයන්ගෙන් සමන්විත ව මෙම තාක්ෂණික විද්‍යාගාර විවෘත වේ. එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් සඳහා රුපියල් ලක්ෂ 200ක් වැය කර තිබේ.


    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya