නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව ජල ගැලීම් තත්ත්වය

    දෙසැම්බර් 22, 2014

    ජල ගැලීම් හේතුවෙන් අද (22) දහවල් වන විට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතෙහිම ග්‍රාම සේවා වසම් හැත්තෑ පහකට අයත් පවුල් 3763ක පුද්ගලයන් 14558ක් දැඩි පීඩාවට පත්ව පුද්ගලයන් 8402 තාවකාලික අවතැන් කඳවුරු 42ක රඳවා අවශ්‍ය සහන කඩිනම්ව සිදු කරන බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    වැඩිම කඳවුරු සංඛ්‍යාවක් වාර්තා වන්නේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් බවත් එය කඳවුරු 14ක් බවත් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවතැන් කඳවුරු 10ක් ද, ලංකාපුර හා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කඳවුරු 11ක් ද, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කඳවුරු 05ක් හා ඇළහැර, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කඳවුරු 01 බැගින් ද පිහිටුවා ඇති බවත් දිසා ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

     

    මේ අතර ඓතිහාසික සෝමාවතී පුදබිමේ කොටුවී සිටි බැතිමතුන් 250 ක් පමණ පසුගිය 20දා රාත්‍රී වන විට මුදා ගැනීමට පොලිසිය, යුද හමුදාව හා ආපදා කලමනාකරණ ඒකකය කටයුතු කළ අතර සෝමාවතී පුදබිම මේ වන විට අඩි 05ක් පමණ ජලයෙන් යටවී ඇතැයි එහි විහාරවාසී හිමිනමක් පැවසූ බව පොලොන්නරුව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

    MAP/WS_dmu_polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya