නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති උපදෙසින් උතුරු මැද ගංවතුරෙන් අවතැන් වූවන්ට තවදුරටත් සහන

    දෙසැම්බර් 22, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි උතුරු මැද පළාතේ ගංවතුරෙන් අවතැන් වූවන්ට ඉදිරි දින කිහිපය තුළ දී ද සහනසේවා සලසන ලෙස උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා අදාළ අංශවල උසස් නිලධාරීන්ට දැනුම් දී තිබේ.
     
    උතුරු මැද පළාතේ ගංඟා, ඇළ දොළ හා වැව් උතුරා පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර උවදුරෙන් 30,000ක් පමණ අවතැන් වී සිටිති. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අවතැන් කඳවුරු 31ක් ද පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ අවතැන් කඳවුරු36ක්  ද මේ වන විට පවත්වා ගෙන යනු ඇත.
     
    නිවාස රැසක් පූර්ණ වශයෙන් හා අර්ධ වශයෙන් ද විනාශ වී ගොස් තිබේ. අවතැන් කඳවුරුවල සිටින්නන්ට පිසූ ආහාර හා වියළි ආහාර ඉදිරි දින කිහිපය තුළ ලබා දෙන ලෙසත් ඔවුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා නොපිරිහෙලා ඉටුකරන ලෙසත් ප‍්‍රධාන අමාත්‍යවරයා දැනුම් දී තිබේ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya