මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය සහ මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලැබූ නාගරික කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනේ ආරක්ෂක අංශයේ ගෙවතු වගා තරගයෙන් මධ්‍යම පළාතේ ප්‍රථම ස්ථානය සහ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය මහනුවර "ලක්සෙන්පාය" යුද හමුදාපති නිල නිවසෙහි පවත්වාගෙන යනු ලබන ගොවිපොළට හිමි විය.
මෙහි සහතිකපත් හා කුසලාන ප්රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් ගන්නෝරුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
NDH/army.lk