ජල ගැලීම හේතුවෙන් වවුනියාවේ පවුල් 704කට අයත් පුද්ගලයන් 2698 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පෙරියමඩු, ශාන්තසෝලේ, ඕමන්ද, පාවක්කුලම, පත්රිකේත කුලම්, මානික්‍ය ඉලුප්පම්කුලම්, නොච්චිමුට්ටේ, පේසාඩිකුලම් ප්‍රදේශවල ජනතාව වැඩි වශයෙන් ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව ඇත.
මේ අතර පාවක්කුලම් ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ඒ අවට පදිංචි වවුනියාව සුඩුවෙන්ද පිලව්, පාවක්කුලම් යුනිට් 01, පාවක්කුලම් යුනිට් 02 ජනතාවට අවධානමෙන් සිටින ලෙස ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
MAP/CU_dmu-vavunia