ග‍්‍රාමීය පාලම් 1,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ මූල්‍ය ප‍්‍රතිපාදන යටතේ තඹුත්තේගම සෝලම ලුණු ඔය හරහා මෙම පාලම ඉදිකිරීම සඳහා මේ වසරේ ජූලි 06 දින විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන හා උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබිණි.
තඹුත්තේගම සිට තලාව ජය ගඟ මාර්ගයට පිවිසෙන විකල්ප මාර්ග පහසුකම් මෙම පාලම ඉදිකිරීමෙන් ඇරඹේ.
සෝලම පාලම විවෘත කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා, අද මෙම පාලම විවෘත කිරීමෙන් පවුල් 15,000කට ගමන් බිමන් පහසුකම් සැලසෙනවා. දුෂ්කර ගමන් මාර්ග ඔස්සේ ගමන් ගත් ජනතාවට මෙම පහසුකම් උදා වූයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ගම සංවර්ධනය කිරීමේ සංකල්පය යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් දිවයිනේ පාලම් දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘති යටතේයි. ගම නගා රට සංවර්ධනය කළ ජනාධිපතිතුමාට තුන්වෙනි වරටත් බලය ලබා දීමට අනුරාධපුර ජනතාව මග බලා ගෙන සිටින බව ද කීය.
උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා අදහස් දක්වමින් නගරයේ මෙන් ගම සංවර්ධනය කොට ගමේ ජනතාවට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ලබා දෙන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට එරෙහි බලවේග මෙම ජනාධිපතිවරණයේදී හිස ඔසවා තිබෙන නමුත් කෘතගුණ දත් ජනතාව අති විශිෂ්ට ජයග‍්‍රහණයක් උරුම කිරීමට තීරණය කර ඇති බව ද කීය.
මෙම අවස්ථාවට උතුරු මැද පළාත් සභා සභාපති ටී.එම්.ආර්. සිරිපාල මහතා ද සහභාගී විය.
NDH