නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර සංස්ථාව ටූනා මසුන් මිලදී ගැනීම අරඹයි

    දෙසැම්බර් 18, 2014

    යුරෝපා සංගමයේ ටූනා මත්ස්‍ය අපනයනයට එරෙහි ව නංවා ඇති තහංචිවලට විසඳුමක් වශයෙන් ශ්‍රී ලංකා ධීවර සංස්ථාව මඟින් අවම මිල ගණන් යටතේ ටූනා මසුන් මිලදී ගැනීම ඊයේ (17) දින දික්ඕවිට ධීවර වරායේ දී සිදු කෙරිණි. එහි අවම මිල වන රුපියල් 700ක සහතික මිලක් යටතේ ලබා ගැනීමට කටයුතු කර තිබිණි.

     

    විශේෂයෙන් පසුගියදා ධීවර සංස්ථාව මඟින් මසුන් මිලදී ගැනීම සඳහා අවම මිල ගණන් ඉදිරිපත් කළ අතර ඒ යටතේ ටූනා මසුන් ද මිලදී ගැනීමට වැඩබලන ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි සිදුකරමින් පවතී. ඒ අනුව ධීවර ජනතාවට සහතික මිලක් සේම පාරිභෝගික ජනතාවට සහන මිලක් යටතේ මසුන් ලබාදීමට මේ තුළින් බලාපොරොත්තු වේ.

    මේ අවස්ථාවට සහභාගී වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන වැඩබලන අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා අදහස් දක්වමින් කියා සිටියේ යුරෝපා සංගමය මඟින් අප රටට එරෙහි ව සිදු කරගෙන යන අන්තනෝමතික ක්‍රියාව නිසා ඉදිරියේ දී ලාංකික ධීවර ජනතාවට කිසිදු අපහසුතාවක් නොවන ආකාරයට ඔවුන් නෙළා ගන්නා මත්ස්‍ය සම්පත ලංකා ධීවර සංස්ථාව මඟින් මිලදී ගන්නා බවයි.

    ඒ නිසා ඉදිරියේ දී ධීවර ජනතාවට බියක් හා සැකයක් ඇති විය නොහැකි බවත් ධීවර ක්ෂේත්‍රයේ පැනනගින ඕනෑම ගැටලුවකට විසඳුම් ලබා දීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාවට නංවන බව සඳහන් ඔහු සඳහන් කළේය.

    මෙම අවස්ථාවට අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් යූ.සී.පී. කුමාරසිංහ, ලංකා ධීවර සංස්ථාවේ සභාපති ශාන්ත හේරත්, කළමනාකාර අධ්‍යක‍්ෂ ශාන්ත පෙරේරා, උප සභාපති රුචිත කුරේරා මහත්වරු ඇතුළු විශාල ධීවර පිරිසක් එක්ව සිටියහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya