නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු අපේක්ෂක හවුලේ පැටිකිරිය ඇමැති විමල් රටට ම හෙළි කරයි

    දෙසැම්බර් 17, 2014
    රටේ සිදුකෙරෙන ආයෝජන ව්‍යාපෘති සඳහා වත්මන් ආණ්ඩුව 7% පොලියකට විදේශ රටවලින් ණය ලබාගනිමින් ඩබල් ඩීල් ගසන බවට විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක හවුල නඟන චෝදනාව අසත්‍ය බවත් මෙගා ඩබල් ඩීල් ගසමින් රටට හතුරු වූ විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක හවුලේ පැටිකිරිය ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය  විමල් වීරවංශ මහතා රටට ම හෙළි කරයි.
     
    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙවර ජනාධිපතිවරණයේ දී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජය තහවුරු කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සංවිධානය කරනු ලබන ජන රැලි මාලාවේ අද ( 17 ) දින කුලියාපිටියේ දී පැවති ජන රැළිය අමතමිනි.
     
    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැළියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයෝ, අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, මන්ත්‍රීවරු ඇතුළු අති විශාල පිරිසක් සහභාගී වූහ.   

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya