නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සාමය උදාකර ගැනීමේ සිහිනය සැබෑ කළේ ජනාධිපතිතුමායි”

    දෙසැම්බර් 17, 2014

    දශක තුනක් තිස්සේ පැවති කුරිරු යුද්ධය නිමාකර සාමය උදාකර ගැනීමේ සිහිනය මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ උදාර නායකත්වය නිසා සැබෑ වූ බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.

    රුපියල් එක් ‍කෝටි හැත්තෑ හත්ලක්ෂයක වියදමින් පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්කුලම - ඩී 10 මාර්ගය කාපට් අතුරා‍ සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවයේ දී අමාත්‍යතුමන් මේ අදහස් පළ ක‍ළේ ය. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන ‘පුරනැඟුම’ ව්‍යාපෘතිය යටතේ මේ සඳහා ප්‍රතිපාදන ලබා දී තිබේ.

     

    කිලෝ මීටර් දෙකක පමණ දුරකින් යුතු මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම නිසා ප්‍රදේශයේ පවුල් 700කට පමණ සෙත සැලසෙයි.

     

    මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවේ දී අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා තව දුරටත් අදහස් දක්වමින්, “යුද්ධය අවසන් කිරීමෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභයන් අතර එක් ප්‍රතිලාභයක් ලෙස මාර්ග සංවර්ධනයන් කිව හැකියි. මේ සියල්ල පදවිය ජනතාවට පමණක් නො වේ. සමස්ත ශ්‍රී ලංකාව පුරාම යෝධ සංවර්ධන ව්‍යාපෘති  ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

     

    අධ්‍යාපන, සෞඛ්‍ය, ‍නිවාස, පෝෂණ අවශ්‍යතා ආදී සෑම ක්ෂේත්‍රයකම එක ‍වගේ දියුණුවක් දකින්නට පුළුවන්. අපි කළ දැවැන්ත සංවර්ධන ව්යා පෘති පක්ෂ භේදයකින් තොරව සිදුකළා. ඒ වගේම ‍ජනතාව භේද බින්න නොකර ගමින් ගමට ප්‍රතිලාභ ලබා දුන්නා වගේ ම ඉදිරියටත් ඒ දේවල් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

     

    නමුත් උතුරු පළාත් සභාවට සංවර්ධන කටයුතු සඳහා‍ ප්‍රතිපාදන ලබා දුන්නත් ඔවුන් රට අස්ථාවර කිරීමට පෙළඹනවා මිසක් ඒවායින් ප්‍රයෝජනය ලබා ගත්තේ නැහැ. උතුරේ ජනතාවට සහන සැලසීමට ලබා දුන් ප්‍රතිපාදනවලින් නිසි ප්‍රයෝජන ගත්තේ නැහැ.

     

    කළ ගු‍ණ දන්නා බුද්ධිමත් ජනතාව අතිගරු ජනාධිපතිතුමන්ට ඉදිරි මැතිවරණයේ දී වැඩි ප්‍රතිශයකින් දිනවන්න කටයුතු කරන බව නියතයි. හැමදාමත් සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර ඉන්න අපි ඉදිරි වර්ෂ කිහිපය තුළ සංවර්ධිත රටක් ලෙස බොහෝ ඉදිරියෙන් සිටින බව ආඩම්බරයෙන් කිව හැකි වන්නේ අපේ ජනාධිපතිතුමන් නිසයි.”

     

    මෙම අවස්ථාවට පදවිය ප්‍රදේශීය සභාවේ සභාපති ධර්ම ශ්‍රී සෝමතිලක මහතා ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් සහභාගී වූහ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya