නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහල, දෙමළ, මුස්ලිම් සෙබළුන් 405ක් යුද හමුදා සේවයට

    දෙසැම්බර් 11, 2014

    යුද හමුදාවේ 23වන සේනාංකයේ පුහුණුව ලැබූ සිංහල, දෙමළ, මුස්ලිම් සෙබළුන් 405 දෙනෙක් මඩකළපුවේ පූනානි යුද හමුදා සේනාංකයේ දී ඊයේ (10) විසිර ගියහ.

    23වන සේනාංකයේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ඩී.ඩී.යූ.කේ. හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විසිර යාමේ උත්සවය පැවැත්විණි. ඒ මහතා පිළිගනිමින් ආචාර පෙළපාළියක් හා ආචාර වෙඩි මුර පැවැත්වීම පුහුණුව සම්පූර්ණ කළ සෙබළු විසින් සිදු කරන ලදහ.

     

    දෙමළ තරුණයන් 31 දෙනෙකු හා මුස්ලිම් තරුණයන් 7 දෙනෙකු ඇතුළත් මෙම කණ්ඩායම මාස 3.5ක පුහුණුවකින් පසු ව විසිර ගියහ. දක්ෂත ම කුසලතා දැක් වූ සෙබළුන්ට මෙහි දී ත්‍යාග ප්‍රදානය ද සිදු කෙරිණි.

     

    ඊයේ පැවති වර්ෂාව මධ්‍යයේ වුව ද ආචාර පෙළපාළිය, තූර්ය වාදක කණ්ඩායම් සංදර්ශනය හා සරඹ සංදර්ශනය සාර්ථකව හා අලංකාරව සිදු කිරීමට නවක සෙබළු සමත් වූහ.

     

    SDF/LDA_dmu_bati

    parade 1

    parade 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya