රැකියා වෙළඳපොළ තුළ රැකියා අවස්ථා බහුලව පැවතිය ද ඒ සඳහා යොමුවීම අවම මට්ටමක පවතින බැවින් රැකියා සේවා සපයන පෞද්ගලික ආයතන සහ රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන් එක් ස්ථානයකදී මුණගැස්වීම මෙහිදී සිදුකෙරේ.
වෘත්තීය පුහුණු ආයතන ද මේ අවස්ථාවට සම්බන්ධ වන බැවින් වෘත්තීය මාර්ගෝපදේශකත්වය හා වෘත්තීය පුහුණු අවස්ථා වෙත යොමු වීමට අපේෂිත තරුණ තරුණියන්ට ඒ සඳහා ද අවස්ථාව හිමි වේ.
මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය රැකියා සේවා මධ්‍යස්ථානය හා වැලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන බව මානව සම්පත් සංවර්ධන සහකාර දීප්ත රෝහණ පරණමාන මහතා පවසයි.
MAP/TI_ds_matara