නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු විපක්ෂය දූවිල්ලක් තරම්වත් වටින්නේ නෑ

    දෙසැම්බර් 11, 2014

    විවිධ කටකතා පැතිර ගිය ද තමා කිසිවිටෙකත් විපක්ෂයට ‍නොයන බවත් පයට පෑගෙන දූවිල්ලක් තරම් හෝ පොදු විපක්ෂය නොවටිනා බවත් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

    ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (10) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

     

    "අපේ රටට එරෙහි ව කටයුතු කරන ‍විදෙස් බලවේගයන් සමඟ හවුල් ව ක්‍රියාත්මක වන මේ රටේ හවුල්කරුවන්ට එළඹෙන ජනාධිපතිවරණයේ දී පරාජය නියතයි. විදෙස් බලවේගයන්ට අවශ්‍ය වී තිබෙන්නේ තමන්ට පහසුවෙන් හැසිරවිය හැකි නායකයෙකු මේ රටේ බලයට ගෙන ඒමයි. ලෝකයේ බලගතු නායකයන් ඉදිරියේ ඍජු ව කටයුතු කරන ජනාධිපතිතුමා පරාජය කිරීමයි ඔවුන්ගේ අරමුණ. 

     

    වගකීමකින් තොරව විවිධ පුද්ගලයන් විසින් සිදු කරන ප්‍රකාශයන් නොපිළිගන්නා තැනට මේ වන විට ජනතාව පත්වී ඇතැයි ද එම විශ්වාසය ජනතාව තුළ ගොඩනැගී ඇතැයි ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

     

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya