නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ගාල්ල දිස්ත්‍රික් අවසන් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද

    දෙසැම්බර් 11, 2014

    ගාල්ල දිස්ත්‍රික්කයේ 2014 වසරේ අවසන් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (11) ගාල්ල දිස්ත්‍රික් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

    ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන සුළු අපනයන භෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සහ දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.

     

    මෙවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේ දී 2014 වර්ෂයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ගාල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල දී තීරණය කරගත් එක් ගමකට එක් වැඩක්, ගම නැගුම වි‍ශේෂ ව්‍යාපෘති හා විමධ්‍යගත අයවැය වැඩසටහන, ග්‍රාමීය පාසල්වල පහසුකම් වැඩි දියුණු කිරීම, පළාත් නැගුම වැඩසටහන, ග්‍රාමීය පාලම් හා ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති හා යෝජනා අනුමැතියට ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය.

     

    එමෙන්ම දිවිනැගුම ජිවනෝපාය වැඩසටහන, දිස්ත්‍රික් සුළු වාරිමාර්ග ව්‍යාපෘති, පසුගිය කමිටු වාර්තා ගැටලු හා නව යෝජනා සම්බන්ධයෙන්ද මෙහි දී සාකච්ඡා කිරීමට නියමිත බව ගාල්ල දිස්ත්‍රික් සැලසුම් අංශය පවසයි.

    MAP/GN_dmu_galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya