ත්‍රිකුණාමලයෙන් ආරම්භ කරන ලද යතුරු පැදි රැලිය කන්තලය දක්වා සංචාරය කළේය. ජනාධිපති ගේ රුව සහිත පුවරු හා නිල් පැහැයෙන් යුතු ධජයන් රැගත් පාක්ෂිකයන් ජය තහවුරු කිරීමේ පාඨයන් කියමින් රැලියට සහභාගී වූහ.
ත්‍රිකුණාමලය, විජිතපුර, ජමාලියා හා දානියගම යන ස්ථානවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාල විවෘත කිරීම මෙම රැලිය අතරතුර දී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ත්‍රිකුණාමල ප්‍රාදේශීය සභා සභාපති චන්දන විජිතකුමාර මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් රැසක් මීට එක් ව සිටියහ.
SDF/SMR_dmu_trinco