නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා අපයෝජන සහ අයිතිවාසිකම් පිළිබඳ වැඩසටහනක් හැටන්හිදී

    දෙසැම්බර් 10, 2014

    ළමා අපයෝජන, ළමා අපචාර පිළිබඳ හා ඒ සඳහා ගත යුතු නීත්‍යනුකූල ක්‍රියා මාර්ග සහ ළමා අයිතිවාසිකම් පිළිබඳව පුහුණුවන ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය නොවැම්බර් 30 දවස පුරා සිංහල සහ දෙමළ භාෂා ද්විත්වයෙන් හැටන් ශ්‍රී පාද විද්‍යාපීඨයේ දී පැවැත් විණි.

    පළමු වසර ඉගෙනුම ලබන විද්‍යාර්ථීන් වෙනුවෙන් පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් මත අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම් අමරසේකර මහත්මියගේ අධීක්ෂණයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සම්බන්ධීකරණයෙන් සංවිධානය කොට තිබිණි.

     

    මහනුවර සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා විසින් මෙහිදී විශේෂ දේශනයක් සිදු කළ අතර ළමා මනස හඳුනා ගැනීම, ඔවුන්ගේ ගැටලු හඳුනා ගැනීම සහ ඒ සඳහා ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳව එහි දී විශේෂ සාකච්ඡාවට ලක් විය.

    MAP/SH/dmu_nuwaraeliya

    Child NE 02

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya