නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 42,207ක්

    දෙසැම්බර් 10, 2014

    2014 මේ දක්වා කාලය තුළ දී ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 42,207ක් දිවයින මුළුල්ලෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇති බව එම ඒකකය පවසයි.


    ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 55.74%ක් පමණ වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. වැඩි ම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ  25 වන සතිය තුළදීය.

    මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීමේ අවශ්‍යතාව මෙම තත්ත්වය මඟින් පෙන්නුම් කෙරේ. එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වන බව ද වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya