නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුවේ දහම් පාසල් දරුවන්ට නිල ඇඳුම්

    දෙසැම්බර් 10, 2014
    සබරගමුව පළාතේ දහම් අධ්‍යාපනය හදාරන දරුවන් වෙනුවෙන් නිල ඇඳුම් ප්‍රදානය කිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු යොදා ඇත.
     
    එහි සමාරම්භක උළෙල  පසුගිය දා යටියන්තොට තැලිගම, බිබිලඔය පිළිම ලෙන විහාරස්ථානයේ දී පැවැත්විණි.
     
    රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ  දහම් පාසලේ අධ්‍යාපනය හදාරන සියලු සිසු සිසුවියන් වෙත මෙලෙස නිල ඇඳුම් ප්‍රදානය කිරීමට නියමිත අතර ඒ සඳහා රාජ්‍ය මෙන් ම විවිධ සංවිධානවල දායකත්වය ලබා ගැනීමට සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇත.
     
    පසුගිය දා පැවති යටියන්තොට බිබිලඔය දහම් පාසලේ පැවති උත්සවයේ දී 250ක් වූ සියලු සිසුන් වෙත නිල ඇඳුම් ප්‍රදානය සිදු කෙරිණි.
     
    ඒ සඳහා පුර්ණ අනුග්‍රහය මහීපාල හේරත් ජන සහන පදනම විසින් දරන ලදී. මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ද එක් ව සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya