නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විජාතික බලවේගවලට ඉගැන්වීමට නොහැකි වූ පාඩම වසර 200කට පසු 2015 දී

    දෙසැම්බර් 10, 2014
    වර්ෂ 1815 දී කන්ද උඩරටදී රඟදැක්වූ චිත්‍රපටයේ  නව පිටපත 2015 දී යළි රඟදැක්වීමට විජාතික බලවේග උත්සාහ ගන්නා බවත් 1815 දී ඔවුන්ට ඉගෙන ගැනීමට බැරි වූ පාඩම වසර 200කට පසු 2015දී ශ්‍රී ලංකාවේ ජනතාව ඔවුන්ට මතක සිටින්නට උගන්වන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 
     
    එදා ඇහැලේපොළගේ භූමිකාව අද මෛත්‍රීපාල සිරිසේනත්, එදා පිළිමතලව්වේගේ භූමිකාව අද පාඨලී චම්පිකත්, එදා ජෝන් ඩොයිලිගේ භූමිකාව අද  ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනියත් රඟ දක්වමින් සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අවිස්සාවේල්ල සීතාවක අඩු පහසුකම් ජනාවාසවල ජීවත් වන ජනතාව වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස 45කින් සමන්විත සීතාවක නාගරික නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. 
     
    එම උත්සවය ඊයේ (09) අවිස්සාවේල්ලේ දී පැවැත්විණ.
     
    මෙම අවස්ථාවට සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවිස්සාවේල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක සුමිත් විජයමුණි ද සොයිසා, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, එහි අතිරේක ලේකම් (නිවාස) කේ. ඒ. තිලකරත්න, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් වන්නිආරච්චි, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.    
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya