නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු අපේක්ෂක මහනුවර රැස්වීමට ආණ්ඩුවේ කිසිවෙක් නෑ

    දෙසැම්බර් 10, 2014
    සිරිසේන මහතාට සහය පළ කිරීම සඳහා මහනුවර දී පැවති රැස්වීමේ දී ආණ්ඩුවෙන් පැමිණෙතැයි අපේක්ෂාවෙන් සිව් දෙනෙකු සඳහා පුටු 4ක් හිස් ව තබා තිබූ බවත් කිසිවෙකු නොපැමිණි නිසා එම පුටුවල වේදිකාවේ ම සිටි අය අසුන් ගත් බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 
     
    අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ ඊයේ ( 09 ) ගුණසිංහපුර නිවාස ව්‍යාපෘතිය ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
     
    මෙම අවස්ථාවට නාගරික කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, කොළඹ නාගරික මන්ත්‍රීවරුන් වන මොහමඩ් මුසම්මිල්, රම්සි ටෝනි, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් ( නිවාස ) කේ. ඒ. තිලකරත්න, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ජගත් කුමාර පෙරේරා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, සහාධිපත්‍ය කළමනාකාර අධිකාරියේ සාමාන්‍යාධිකාරී උපාලි උපවංශ, ජනසෙවණ මහ ලේකම් කාර්යාලයේ උපදේශක ලක්විජය සාගර පලංසූරිය යන මහත්වරු නිලධාරීහු, නිවාසවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya