අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා කොබෙයිගනේ ප්‍රදේශයේ පැවති විමධ්‍යගත භාණ්ඩ බෙදාදීමේ උත්සවයකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,
"තමුන්නාන්සේලා ගියවර පළාත් සභා මැතිවරණයේදී විශාල කැපකිරීමක් කරලා අපිට සහයෝගය දුන්නා. වයඹ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස මම පත්වෙලා අවුරුද්දක් යන කොට ජනතාව වෙනුවෙන් හැම ආකාරයකින් ම වැඩ කරලා තියනවා. මේ රටේ පළාත් සභා ඡන්දයකදී වැඩි ම මනාප ගත්තේ චන්ද්‍රිකා මැතිණිය. මනාප 298,000ක් ගත්තා. එතුමියගේ තාත්තා මේ රටේ අගමැතිවරයෙක්, අම්මත් අගමැතිවරියක්. එයාලගේ දුව තමයි චන්ද්‍රිකා කුමාරතුංග. නමුත් මගේ අම්මවත් තාත්තවත් අගමැතිවත්, ජනාධිපතිවත් නෙමෙයි. මම සාමාන්‍ය පවුලකින් ආපු කෙනෙක්. මට මනාප 336,000ක් දීලා තමුන්නාන්සේලා ශක්තිය දුන්නේ වැඩක් කරයි කියන බලාපොරොත්තුව ඇතුව. මට ඔබතුමාලා දුන්නු ඒ ආදරය හුඟක් වටිනවා. ඒ නිසා අපි එකතුවෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, ජනාධිපතිතුමාටත් සහයෝගය දිය යුතුයි.
දැන් අද අලුත් නමක් ඇවිල්ලා තියනවා. නම මෛත්‍රී. ඡන්දේ ඉවරවුණාට පස්සේ අයියෝ සිරිසේන කියලා තමයි කියන්න වෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයට තියෙන්නේ අගමැති කියන අකුරු හතරේ ප්‍රශ්නයක්. මේ ආණ්ඩුව හදන්න මහන්සි වුණ කෙනෙක් එයා. ඒක ඇතුළේ තිබුණු ප්‍රශ්න කලින් දැක්කේ නැද්ද. දැන්ද එව්වා විවේචනය කරන්නේ. දැන් ද ප්රජාතන්ත්රවාදය ඇති කරන්න හදන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරුන්ට ටිකක් අපලයි. පක්ෂය දාලා ගියපු අය ආපහු ඇවිත් තියනවා. ඒ වගේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් ගියාට ආපහු එන්න වෙනවා. චන්ද්‍රිකා මැතිණියත් කිව්වා විධායක ජනාධිපති ක්‍රමය නැති කරනවා කියලා. නමුත් 2000 ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව ගෙනල්ලා තව අවුරුදු දෙකක් තමන්ගේ කාලය වැඩි කරගත්තා. දැන් කියනවා මට මේක කරගන්න බැරිවුණා කියලා. බැරිවුණා නෙමෙයි බලලෝභීකමටයි එහෙම කරේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 54 වෙනි සම්මේලනයේදී මම තරුණ සංවිධානයේ ලේකම්. සභාපති එස්. බී. දිසානායක මහත්තයා. අපි පාන්දර වෙනකන් පුටු ඇද්දා, පාන්දර ඉඳන් ජනතාව ආවා. එතුමිය ආවේ පරක්කුවෙලා. චන්ද්‍රිකා මැතිණියට වෙලාවට වැඩකරනවා තියා එයාට එයාවත් පාලනය කරගන්න බැරුව හිටියේ. එයා රැස්වීම්වලට ආවේ පරක්කුවෙලා. උදේ 9.00ට තියන රැස්වීමට ආවේ දවල් 12ත් පහුවෙලා. වෙලාවට වැඩක් කළේ නෑ. උදේට පරක්කුවෙලා නැගිටින්න ඕන නිසා වෙලාවත් වෙනස් කරා. ඒ නිසා අද එයාට කිසිම අයිතියක් නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතාකරන්න. හේතුව තමන්ගේ තාත්තා හදපු පක්ෂය දෙකඩ කරපු නායිකාව තමයි චන්ද්‍රිකා මැතිණිය.
ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා දින 100කින් විධායකය අහෝසි කරනවා. එයා සිරිසඟබෝ නෙමෙයි. ඒ නිසා මේ හැමෝම එකිනෙකාට රැවටිලා ඉන්නේ. තමුන්නාන්සේලා මේ වගේ පාවෙන කතාවලට රැවටෙන්න එපා. සිරිසේන මහත්තයා දින 100යේ වැඩපිළිවෙළින් කරන්න හදන්නේ මානව හිමිකම් සංවිධාන ලංකාවට ගෙන්වන්න. අද බටහිර රටවල්වලින් අම්බලන්ගොඩ රූකඩ නටවනවා වගේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයව නටවනවා. ජනාධිපතිතුමා කිසිම මානව හිමිකම් සංවිධානයකට ලංකාවට ඇවිත් අපට විරුද්ධව වැඩකරන්න දුන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කලින් කළේ බළලුන් ලවා කොස් ඇට බෑවීම. අද බැළලියන් ලවා කොස් ඇට බාවනවා. එතුමා කළේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයෝ නැති කරන එක. අද මේ සියල්ල අච්චාරුවක් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබ තමුන්නාන්සේලා කිසිම සැකයකින් තොරව ජනාධිපතිතුමාගේ ගමනට ශක්තිය දෙන්න.“ යැයි පැවසීය.
මෙම අවස්ථාවට වයඹ ප්‍රධාන අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් සමන්සිරි පීරිස් මහතා ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.
SDF