නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවක මහත්ම මහත්මීන් සඳහා ස්ථීර පත්වීම්

    දෙසැම්බර් 04, 2014
    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දින 180ට වඩා කොන්ත්‍රාත්, අනියම් හා ආදේශ පදනම්වල සේවයේ නියුතු සේවක මහත්ම මහත්මීන් 468 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් ප්‍රදානය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) දින ප.ව. 3.30ට මාලිගාවත්ත ප්‍රදීපා ශාලාවේ දී සිදු කෙරේ.
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" ප්‍රකාර ව 2015 අය - වැය යෝජනාවලියට අනුව දින 180ක සේවා කාලයක් සම්පූර්ණ කළ කොන්ත්‍රාත්, අනියම් හා ආදේශක පදනම්වල සේවයේ නියුතු සේවක මහත්ම මහත්මීන් ස්ථීර සේවයට බඳවා ගැනීමේ වැඩසටහන යටතේ මෙම ස්ථීර සේවා පත්වීම් ප්‍රදානය කිරීමට නියමිතය.
     
    මෙම අවස්ථාවට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්  නියෝජ්‍ය අමාත්‍ය  ලසන්ත අලගියවන්න,  එම අමාත්‍යාංශයේ  ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා,  ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ  සභාපති  ජයන්ත සමරවීර යන මහත්වරුන්, නිලධාරීන්, පත්වීම්ලාභීන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya