මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් ඉල්ලුමක් ඇති සහල් නිෂ්පාදනයට මහවැලිය යොමු කරනවා

    අප්‍රේල් 21, 2014

    ශ්‍රී ලංකාවේ දැනට පවතින සහල් අතිරික්තයත් වී වගාවේ නිරතවන ගොවි ජනතාවගේ ආර්ථිකය නගාසිටුවීමත් අරමුණු කරගනිමින් විදෙස් වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති අපනයනයට සුදුසු සහල් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය බීජ වී නිෂ්පාදනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් ආරම්භ කර තිබෙන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 19දා ගිරාඳුරුකෝට්ටේ මහවැලි ක්‍රීඩාංගණයේ පැවති මහවැලි ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයේදීය.

     

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, තවමත් අපේ ගොවි ජනතාව ගතානුගතික ලෙස ලෙහෙසියෙන් වගා කළ හැකි දේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගත් වී වර්ග වගා කිරීමට පමණක් සීමා වී තිබේ. මෙම තත්ත්වය අනාගතයේ දී සහල් සඳහා වූ ලෝක වෙළෙඳපොළ පිළිබඳ ඇති වන තරගකාරීත්වයට බලපානු ඇත. මේ නිසා අපේ ගොවි ජනතාවට තම නිෂ්පාදන විකුණා ගැනීමට විශාල ගැටලුවක් මතුකරයි. ඊට මුහුණදීම සඳහා අපේ ගොවි ජනතාව සැලසුම් සහගත වැඩපිළිවෙළක් සකසාගත යුතුයි. රජයක් ලෙස ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සහනාධාරය සහ වාරි ජලය ඇතුළු සියලු පහසුකම් ලබාදීමට කටයුතු කර තිබේ. මෙරට පත්වූ කිසිදු රජයක් නොකළ වැඩපිළිවෙළක් හා ලබා නොදුන් දිරිගැන්වීම් රැසක් ගොවි ජනතාව වෙනුවෙන් ඉටුකිරීමට මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ කටයුතු කර ඇතැයි ද ඔහු පැවසීය.

     

    ශ්‍රී ලංකාවේ සමස්ත වී නිෂ්පාදනයෙන් 47% ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට මහවැලි ගොවි ජනතාවට හැකි වී තිබේ. අපගේ එකම අරමුණ වී ඇත්තේ රටට බත සපයන ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි. ඒ සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් සැලසුම් සහගත වැඩපිළිවෙළක් මේ වසරේ ආරම්භකර ඇති ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

     

    මේ අවස්ථාවේදී අපනයනය සඳහා සහල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදිත BG1165 ගුණාත්මක බීජ වී සහ සහල් පැකට් දෙකක් අමාත්‍යතුමා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya