දෙසැම්බර් 18, 2024
tami eng youtube  twitter facebook

    දේශපාලඥයින් වෙනුවෙන් වැය කළ මුදල් අඩු කර මහා භාණ්ඩාගරයේ මුදල් රටේ දරු පරපුර වෙනුවෙන් යොදවනවා - ජනමාධ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 17, 2024

    දේශපාලඥයින් වෙනුවෙන් වැය කළ මුදල් අඩු කර, මහා භාණ්ඩාගරයේ  ඇති එම මුදල් මේ රටේ දරුවන් වෙනුවෙන්  යොදවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(17)පාර්ලිමේන්තුවේදි පැවසීය.

    පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීමට දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    අපේ රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ලබා දිය හැකි උපරිම සහාය මෙම ආණ්ඩුව ලබා දෙන බවද අමාත්‍යවරයා පැවසීය. මේ රට හොඳ තැනකට ගෙන යාම සඳහා අධ්‍යාපනය වෙනුවෙන් ලබා දිය හැකි සියලු දේවල් ලබා දෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya