දෙසැම්බර් 18, 2024
tami eng youtube  twitter facebook

    සියලුම ගොවිබිම් රක්ෂණ ක්‍රමයකට යටත් කරනවා

    දෙසැම්බර් 17, 2024

    ඉදිරියේදී සියලුම ගොවි බිම් රකෂණ ක්‍රමයකට යටත් කොට, වගා හානියක් සිදු වූ විට වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බව කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසිය. අද(17) පාර්ලිමේන්තුවේදී, මන්ත්‍රී රෝහණ බංඩාර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවයා මේ බව පැවසීය.

    ගොවි ජනතාවගේ ජීවින තත්වය නගා සිටුවීම වැදගත්  බවත්, ඒ සඳහා ගොවි ජනතාවට සහණ පොලියට ණය ලබා දීමට සහ  ගොවි විශ්‍රාම වැටුප් අරමුදල  වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද කීය.වගා හානි වූ ගොවි ජනතාවගේ වන්දි මුදල්ද ලබාදීට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    ගොවි ජනතාවට ලබා දෙන හෙක්ටයාරයකට රුපියල්25,000 බැගින් වූ පොහොර සහනාධාරය මේ වන විට ලබාදෙන බවත්,  එම මුදල් ලැබීමේ ප්‍රමාදයක් සිදු වුවත්,   ලබන කන්නයේදී එය නිවැරදි කරන බවත් කීය.

     

    මෙතෙක් පොහොර සහනාධාරය නොලැබුණු ගොවීන්ට ඉදිරිදින කිහිපයේදී එම  මුදල ලැබෙන බවද අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya