මින් ඉදිරියට හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන්නේ පොලිස් ආරක්ෂාව පමණක් බවද ඒ මහතා කීය.
පාර්ලිමේන්තුවේදී අද(17) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව පැවසීය.
පසුගිය මාස එකොළහයි දින පහළොව තුළ හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම වෙනුවෙන් රජය රුපියල් මිලියන 1448 ක් වැය කර ඇති අතර එය මහජන මුදල් නාස්තියක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. හිටපු ජනාධිපතිවරුන්ට දැනට ලබාදී ඇති ආරක්ෂාව පිළිබඳවද ඇමතිවරයා තොරතුරු අනාවරණය කළේය.ඒ අනුව දැනට පවතින ආරක්ෂාව පහත පරිදි වේ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පොලිසියේ 60 දෙනෙකු සහ හමුදාවේ 228 දෙනෙකුගෙන් යුතු ආරක්ෂාවක් ලබා දී ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හමුදා සාමාජිකයන් 4ක් සහ පොලිස් නිලධාරීන් 60 දෙනකුගෙන් යුතු ආරක්ෂාවක් සපයා තිබේ.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට හමුදාවේ 188 දෙනෙක් සහ පොලිසියේ 22 දෙනෙක් ඇතුළත් ආරක්ෂාවක් සපයා ඇත.