දෙසැම්බර් 18, 2024
tami eng youtube  twitter facebook

    සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් අපරාධකරුවන්ට නිසි දඩුවම්

    දෙසැම්බර් 17, 2024

    සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කර අපරාධකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන බව,වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ  මහතා පැවසීය. අද(17) පාර්ලිමේන්තුවේදී , පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙම සුදු ලූනු වංචාව 2021 වර්ෂයේදී සිදු වී ඇති බවත්, මෙමගින්  රුපියක් ලක්ෂ 120ක පමණ පාඩුවක්, රජයට සිදු වී ඇතැයි වෙළෙඳ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. වැලිසර අධිකරණයේ මේ සම්බන්ධයෙන් නඩුවක් විභාග වන  බවත්, සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලැබුණු වහාම අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මේ සඳහා දේශපාලන අධිකාරිය සම්බන්ධ වී ඇත්නම්, කිසිදු සමාවක් නොමැතිව අධිකරණයට ගොනුකළ කරුණු මත පරීක්ෂණ සිදු කර අපරාධකරුවන්ට දඩුවම් ලබා දෙන බවද අමාත්‍යවරයා වැඩදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya