ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක Seth Nevins, සහ දේශපාලන නිලධාරී Kevin Price යන මහත්වරු ද, මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) එක්සත් ජනපද දූත පිරිස උණුසුම් ලෙස පිළිගත් අතර, මූලික වශයෙන් අන්‍යෝන්‍ය හා ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සුහද සාකච්ඡාවක නිරත විය.