කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.
පසුගිය නොවැම්බර් 21 වැනිදා දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අභිනවයෙන් රැස් වූ අතර එදින අභිනව මන්ත්‍රීවරුන් සිය දිවුරුම්දීම සිදු කළේය. ඒ වන විට සමගි ජන බලවේගයට හිමිව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 4ක් සඳහා නම් ගැසට්කොට නොතිබුණු අතර පසුගිය 12 වැනිදා මෙම නව මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කොට තිබුණි. ඒ අනුව එම මන්ත්‍රීවරුන් සිව්දෙනා අතරින් අර්ජුන සුජීව සේනසිංහ, මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් තිදෙනා ඊයේ (17) දිවුරුම්දීම සිදු විය.