මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 3,280ක්

    අප්‍රේල් 21, 2014

    අද මේ වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 3,280ක් බවත් 2005දී ජනාධිපතිතුමා ආණ්ඩුව භාරගන්නා විට ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1,421ක මට්ටමක පැවති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


    2006 මේ රටේ දරිද්‍රතාව සියයට 15.2කි. එය 2013 වෙන කොට සියයට 6.4ක් දක්වා අඩු වී තිබේ. මෙරට ආර්ථික දර්ශකයේ තිබෙන වටිනාකම් මේවා බවත් දුප්පත්කම 15.7 සිට 7.5 දක්වා අඩු කර ඇති අතර 2005දී රුපියල් 4,896ක තිබුණු මාසික ආදායම අද වන විට රුපියල් 11,932 දක්වා වැඩි කර ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා රටේ සංවර්ධන තත්ත්වය සම්බන්ධයෙන් බේරුවල පැවති සම්මන්ත‍්‍රණයකදීය.

     

    මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්; මේ රටේ ජනතාවගෙන් සියයට 76.7කට තිබුණු විදුලිය අද වන විට සියයට 94 දක්වා වැඩි වී තිබේ. බස්නාහිර සහ දකුණේ ජනතාවගෙන් සියයට 100කට ම අද විදුලිය තිබේ. මධ්‍යම පළාතේ සියයට 98යි. මේ ඊයේ පෙරේදා නිදහස් කර ගනු ලැබූ උතුරු පළාතටත් විදුලිය ලබාදීම සියයට 90 සීමාව ඉක්මවා ඇත.

     

    මේ සියල්ලටම මුදල් වියදම් කරමින් ආර්ථිකය මේ තත්ත්වයට ගෙනැවිත් ඇත්තේ ජනතාවට ලබාදිය හැකි සියලු සහනාධාර දීමෙන් බව ද ඔහු සඳහන් කළේය. එදා පානීය ජලය තිබුණේ සියයට 75කට පමණි. දැන් මිනිස්සුන්ගෙන් සියයට 87.7කට පානීය ජලය ලැබී තිබේ. උතුරු මැද පළාතේ ජල පවිත‍්‍රාගාරයක් ඉදිකරන්න මෙවරත් අය වැයෙන් රුපියල් මිලියන 900ක් වෙන් කර ඇත්තේ වකුගඩු රෝගයට ගොදුරු වී සිටින මිනිසුන්ට ජලය සැපයීම සඳහායි. වැසිකිළි පහසුකම් එදා තිබුණේ සියයට 90ටයි. අද එය සියයට 94.4 දක්වා වැඩි වී ඇත. එදා තිබු‍ණේ රෝහල් 606ක් පමණි. අද රෝහල් 790ක් තිබේ. එදා රජයේ පාසල් 9,723ක් තිබුණු අතර අද ඒප‍්‍රමාණය 9,931ක් වී ඇත. 2002 සිට 2004 වන තුරු තිබුණු ආණ්ඩුව මේ වාගේ සුබසාධන වැඩ කළේ නැතැයි ද ඔහු පැවසීය.

     

    එදා අපේ ආණ්ඩුව බලය ගන්න කොට දූරකතන පහසුකම් තිබුණේ සියයට 23කට. අද එය සියයට 117 දක්වා වැඩි වෙලා තිබෙනවා. අද එක් කෙනාට ටෙලිෆෝන් එකකට වඩා තිබෙනවා. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ සිටියේ වෛද්‍යවරුන් 12,692යි. අද වෛද්‍යවරුන් 18,252ක් සිටිති. එදා හෙදියන්ගේ සංඛ්‍යාව 20,332කි. අද හෙදියන් 30,217ක් සිටී. ඒ විදියට සෞඛ්‍ය සේවය මිනිසුන්ගේ ජීවත්වීමේ හැකියාව වැඩි කර තිබේ. බංග්ලාදේශයේ, ඉන්දියාවේ, පකිස්තානයේ මේ සියලු සෞඛ්‍ය දර්ශක ඇත්තේ අපට වඩා ඉතා පහළ මට්ටමකයි. සමාජ දර්ශක අනුව බලනකොට ලංකාව ඉතා ඉහළ මට්ටමක පවතී. මාතෘ මරණ සංඛ්‍යාව දාහකට 0.44ක් වන අතර අද එය 0.31 දක්වා අඩු වී තිබේ. ළදරු මරණ සංඛ්‍යාව දාහකට 11.2කි. අද එය 09 දක්වා අඩු වී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya