අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 දී මසුන් මෙට්රික් ටොන් 95000ක්

    අප්‍රේල් 21, 2014

    මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් වන පරිදි මත්ස්‍ය වගාව සම්පතක් කිරීමේ අභියෝගය ජලජීවී වගාව තුළින් ලබාගැනීමට සැලසුම් කර තිබෙන බවත් ඒ අනුව වසර 2015 වන විට මිරිදිය ධීවර කර්මාන්තයෙන් හා ජලජීවී වගාවෙන් මසුන් මෙට්රික් ටොන් 95,000ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පසුගියදා අමාත්‍යාංශයේ පැවති ආහාර සුරක්‍ෂිතතාව, පෝෂණය හා ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ජලජීවී වගාව පිළිබඳ විශේෂ සාකච්ඡාවේදීය.

     

    අනාගත ලෝකයේ නිල් ආර්ථික වැඩපිළිවෙළ යටතේ ජලජීවී වගාවට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. එම නිසා මුහුදු මත්ස්‍ය කර්මාන්තයට අමතරව මිරිදිය මත්ස්‍ය කර්මාන්තය හා ජලජීවී වගාව සංවර්ධනය කිරීමට ධීවර අමාත්‍යාංශය හා ශ‍්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මේ වන විටත් පියවර ගෙන තිබෙන බව ඔහු කීය.

     

    ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මෙහෙයවන ප‍්‍රථම ජලජීවී වගාව සම්බන්ධ ආසියානු කලාපීය අමාත්‍ය සමුළුව පසුගිය වසරේදී ශී‍්‍ර ලංකාවේ පැවැත්වීම අපේ රටේ ධීවර කර්මාන්තය ලද සුවිශේෂී ජයග‍්‍රහණයක් ලෙස හඳුන්වාදීමට හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ සමුළුවට සාමාජික රටවල් 20ක ධීවර අමාත්‍යවරුන් හා ඉහළ මට්ටමේ නිලධාරීන් විශාල ප‍්‍රමාණයක් සහභාගී වූහ.

     

    එමෙන්ම අපේ සමස්ත මත්ස්‍ය අස්වැන්න මෙට්රික් ටොන් 686,000ක් දක්වා වර්ධනය කරමින් ඒක පුද්ගල මත්ස්‍ය පාරිභෝජනය කිලෝ ග‍්‍රෑම් 11.4 සිට කිලෝ ග‍්‍රෑම් 22 දක්වා දෙගුණයකින් ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ. මේ මඟින් අපේ රටේ මන්දපෝෂණය වසර 2015 වන විට සම්පූර්ණයෙන්ම නැති කිරීමට අපේක්ෂා කරනු ඇත. එසේම කලාපීය රටවල්වල ජලජීවි වගා කේෂ්ත‍්‍රයේ ලබා ඇති දියුණුව සලකා බලන විට අපගේ ඉලක්කවලට පහසුවෙන් ළඟාවිය හැකි බව තම විශ්වාසය බව ද ඔහු කීවේය. අපේ රට ජලජීවී වගාව සඳහා යොදාගත හැකි ජලජ සම්පත් බහුල රටක්. කිලෝ මීටර් 1770ක මුහුදු තීරයක් හා හෙක්ටයාර් 303,000ක මිරිදිය ජලාශත් හෙක්ටයාර් 160,000ක් පමණ වන කිවුල් දිය කළපු හා ගංගා 103ක් අප සතුයි. මේවා නිසි කළමනාකරණයකින් යුතුව, නවීන තාක්ෂණය භාවිත කරමින් ඒවායේ උපරිම ඵල නෙළා ගැනීමට දැනටමත් සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ඩී.එම්.ආර්.බී. දිසානායක, ශ‍්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති ජයන්ත චන්ද්‍රසෝම, ධීවර අධ්‍යක්ෂ ජනරාල් නිමල් හෙට්ටිආරච්චි යන මහත්වරු ද සහභාගි වූහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya