ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයට අයත් ඉපලෝගම රණවිරු සංසදයේ සාමාජික සාමාජිකාවන් හා ප්‍රදේශවාසීන් සදහා වෛද්‍ය සායනයක් පසුගිය දා පැවැත්වීය. එහි දි බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ දේශන ද පැවැත්විණි. ඉපලෝගම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මේ සඳහා එක් වූහ.
රණවිරු සේවා අධිකාරියේ සභාපතිගේ ප්‍රමුඛත්වය මත රණවිරු ප්‍රජාව වෙත තම සැහැල්ලු වාහනය ගාල් කිරීමේ දී ප්‍රමුඛතා ගත කිරීම සඳහා අවස්ථාව ලබා ගැනීමට ආබාධිත විශ්‍රාමික රණවිරුවන් වෙත යොමු කරනු ලැබූ ස්ටිකරය ලබාදීමේ පළමු පියවර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් හා ඉපලෝගම සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.