තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බතික් ආශ්රිත ව්යවසායකයිකාවන් වෙනුවෙන් ප්‍රායෝගික මැහුම් පුහුණු වැඩසටහනක් පසුගියදා තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මෙහි දී බතික් ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටළු හා එම ගැටළු විසඳීම සඳහා ගතහැකි ක්‍රියා මාර්ග පිළිබඳව ද සාකච්ඡා කරන ලදි.
මේ අවස්ථාවට තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බතික් ආශ්රිත ව්යවසායකයිකාවන් හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිමාලි සේනානායක මහත්මියගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.