සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හගුරන්කෙත දියතිලක මධ්‍ය මහා විද්‍යාලයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට වෙන් කළ පන්ති කාමරය සදහා ඉදි කළ ප්‍රවේශ මාර්ගය සිසු අයිතියට

    අගෝස්තු 09, 2024

    මධ්‍යම පළත් සභාවේ ප්‍රතිපාදන මත හගුරන්කෙත දියතිලක මධ්‍ය මහා විද්‍යාලයේ ඉදි කළ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට වෙන් කළ පන්ති කාමරය සදහා ඉදි කළ ප්‍රවේශ මාර්ගය සිසු අයිතියට පත් කිරිම 08දා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

    මෙහිදි අදහස් දැක්වු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු. ගමගේ මහතා කියා සිටියේ සැමට අධ්‍යාපනය ලබා ගැනිමේ අයිතියක් ඇති බවත් පළාත් සභාවක් ලෙස විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා අධ්‍යාපනය ලබා දිමේ අවස්ථාවන් උදාකර ඇති බවත් මෙවර ගුරු පත්විම් ලබා දිමේදි ගුරු සේවයට විශේෂ අවශ්‍යතා ඇති අය සදහා ගුරු පත්විම් ලබා දුන් බවද ආණ්ඩුකාරවරයා පැවසිය.

    මෙම අවස්ථාවට පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත්, ආණ්ඩුකාර සම්බන්ධිකරණ ලේකම්/හිටපු ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ, හගුරන්කෙත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ අබේරත්න, හගුරන්කෙත ප්‍රාදේශිය ලේකම් මිහිරාන් බණ්ඩාර, පොරමුඩල්ල විද්‍යාලයේ විදුහල්පති ඒ, සි. පෙරේරා, යන මහත්වරුන් ඇතුලු සිසු දරු දැරියන් දෙමාපියන් පිරිසක් එක්වි සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya