නොවැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජන ජීවිතයට ඉන්ධන නැතිව බැහැ: බෙදා හැරීමට බාධා කරන්න එපා -බලශක්ති හා විදුලි බල ඇමති ඉල්ලා සිටී.

    මැයි 02, 2022

    රටේ දෛනික ඉන්ධන ප්‍රවාහනයට වැඩි දායකත්වයක් පෞද්ගලික ඉන්ධන ටැංකි හිමියන්ගෙන් ලැබුනත් ඔවුන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ඉන්ධන ප්‍රවාහනයට දැඩි බාධා එල්ල වී ඇත.

    එහෙත් රජයේ මිල ගණන් වලට එකඟතාවය පළ කරමින් ධාවනයේ යෙදෙන ඉන්ධන ටැංකි සඳහා බාධා නොකරන ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති රජයේ වත්මන් ක්‍රියාකාරකම් හා ඉදිරි වැඩසටහන් විෂයය කොට ගත්, “ආර්ථිකයේ අද සහ හෙට: ඇත්ත ඇති සැටියෙන්” මාධ්‍ය සංවාද මාලාවේ පළමුවැන්නට එක්වෙමිණි.

    වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කිරීම අයිතියකි. එහෙත් රජය යෝජනා කර ඇති මිල ගණන් වලට එකඟ වී, අද වෘත්තීය ක්‍රියාමාර්ග නොකළ, පෞද්ගලික හිමියන්ගේ ඉන්ධන ටැංකි, ඉන්ධන ප්‍රවාහනයට යොදවා තිබිණ. ප්‍රවාහනයට අඛණ්ඩ දායකත්වයක් වැඩි වශයෙන් සපයනුයේ පෞද්ගලික ඉන්ධන රථ මගිනි. එහෙත් පෞද්ගලික අංශයේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද ප්‍රවාහනය කළ ඉන්ධන ටැංකි වලට යම් පුද්ගල කණ්ඩායම් විසින් බාධා පමුණුවා ඇත. ඛනිජ තෙල් සංස්ථාවේ රථ 86ක්, ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ රථ 100ක් පමණක් හා පෞද්ගලික හිමියන්ගේ රථ 20ක් පමණකුත් අද ඉන්ධන බෙදා හැරීමට දායකවිණි.

    මස 06ක කාලයක් තුළ ඛනිජ තෙල් සංස්ථාව, පෞද්ගලික අංශ ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් පමණක් රුපියල් මිලියන 289ක් මාසයකට වැය කර ඇත.මාර්තු මාසයේ වැය කළ රු.ලක්ෂ 3259, අප්‍රේල් මස අවසාන වන විට රු.ලක්ෂ 4889ක් දක්වා වර්ධනය වී ඇත.

    වෘත්තීය ක්‍රියාකරුවන්ගේ ඉල්ලීම් වලින් 84%ක් පමණ මිල ගණන් වලින් වෙනස් වී ඇති අතර මිල ගණන් වෙනස් වන විට එම මිල ගණන් සඳහා පාදක වන මිල සූත්‍රයක් ඇත. පසුගිය සංශෝධන තුළ 2021 ජූලි මස රු. 161.33 ක්ව පැවතී 13200 පහතරට ඉන්ධන ටැංකියක් සඳහා රජය දැන් එකඟ වී ඇති මුදල රු.295.61කි. 19800ක ඉන්ධන ටැංකියක් සඳහා රු.222.02 සිට රු.394.46 වර්ධනයක් සහ 33000ක ඉන්ධන ටැංකිය 320.66 සිට 563.01 දක්වා වර්ධනය වී ඇත. කඳුකර ප්‍රදේශ වල මිල ගණන් රු.179.92-රු.305.81ක් සඳහා පසුගිය මාස 04 තුළ රජය එකඟ වී ඇත. රු.244.15-රු.408.10 දක්වා හා රු.334.60-රු.563.01 දක්වා වර්ධනය වී ඇත.

    ඉදිරි දින දෙක තුළ සේවයට වාර්තා නොකරන රථවල බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කෙරේ. එමෙන්ම එම රථ වල සේවය කරන පුද්ගලයින්ගේ බලපත්‍ර අහෝසි කිරීමට හා නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වේ.
    පසුගිය මාස කිහිපය තුළ පැවැති ඉන්ධන පෝලිම් දැන් ඉතා අඩු මට්ටමකට පැමිණ ඇති අතර දෛනික කටයුතු සඳහා අවශ්‍ය සියලු ඉන්ධන අවහිරතාවයකින් තොරව බෙදා හැරීමට රජය සියලු පාර්ශවයන්ගෙන් සහය බලාපොරොත්තු වේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya