මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පදවිය නියං සහනාධාර වැඩසටහන දිගටම ක්‍රියාත්මකයි

    අගෝස්තු 23, 2014
    අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපෑ නියං තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක ජනතාව පීඩාවට පත්වූහ. එම ජනතාවට සහන සැලසීම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මුලිකත්වයෙන් මේ වන තෙක්ම, සිදුකෙරෙමින් පවතී.
     
    මෙම නියං තත්ත්වය රාජාංගනය ප්‍රදේශය හැර දිස්ත්‍රික්කයේ අන් සියලු ප්‍රදේශවල පීඩාවට පත් පවුල්  සංඛ්‍යාව 88,913කි. මෙම පවුල් සඳහා රුපියල් මිලියන 11ක් වියදම් කර වියළි සලාක ලබා දී තිබේ. මීට අමතරව බවුසර් මගින් පානීය ජලය ලබාදීම සිදුවේ. ඒ සඳහා දිස්ත්‍රිකය තුළ යොදවා ඇති බවුසර් සංඛ්‍යාව 26 කි. ජල ටැංකි 451ක් ද ස්ථානගත කර ඇත.

    නියඟයට ගොදුරු වු ප්‍රදේශ අතරින් පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විශේෂ විය. කන්න කිහිපයකින් නිසි වර්ෂාපතනයක් නොලැබීම නිසා ගොවිතැන් කටයුතු ද අඩාල වීම ඊට හේතුවයි.  ඒ අනුව මෙවර නියං සහනාධාර ලබාදීමේ දී  පදවිය ප්‍රදේශයට ප්‍රමූඛත්වයක් ලබා දී තිබේ. වියළි සලාක සඳහා වැයකර ඇති රුපියල් මිලියන 11න් රුපියල් ලක්ෂ 47කට අධික මුදලක් වැය කර ඇත්තේ පදවිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට පමණි. ඒ වැය වු මුළු මුදලින් අඩකට ආසන්න වන මුදලකි. මෙහිදි පදවියේ පවුල් 4235 කට නියං සහනාධාර ලබා දී තිබේ.
     
    මීට අමතරව පදවිය ප්‍රදේශයට පානීය ජලය සැපයීමට බවුසර් හතරක් යොදවා ඇත. ඒ අනුව වැඩිම බවුසර් සංඛ්‍යාවක් ලබාදී ඇත්තේ ද පදවිය ප්‍රදේශයටයි. ජල ටැංකි 91ක් ස්ථාපනය කර තිබේ. මීට අමතරව ජලය පිරිපහදු කර බෙදාහැරීමේ මධ්‍යස්ථාන කිහිපයක් ද පදවියේ ක්‍රියාත්මකයි. විවිධ සිවිල් සංවිධාන මගින් ද වියළි ආහාර ද්‍රව්‍ය කට්ටල 1000කට ආසන්න සංඛ්‍යාවක් හා ලිටර් 5හේ පානීය ජල බෝතල් 1500ක පමණ සංඛ්‍යාවක් බෙදාහැර ඇතැයි ද පදවිය ආපදා සහන සේවා නිලධාරි ජී.එම්. එස්.එම්. දිසානායක මහතා සඳහන් කළේය .ශ්‍රමය සඳහා මුදල් (cash forwork)  වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් හා ඇළ වේලි ප්‍රතිසංස්කරණයට ද  රුපියල් මිලියන 100ක් වෙන්කර තිබේ. එයින් වැව් 178ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය. මෙයින් වැව් රැසක වැඩ නිමවී ඇති අතර බොහෝ සංඛ්‍යාවක වැඩ ක්‍රියාත්මක වෙමින් පවතී. මෙහිදි වැව්වල රොන්මඩ ඉවත් කිරීමේ කාර්යයට වැඩි අවධානයක් යොමුකර තිබේ.  මේ යටතේ පදවිය ප්‍රදේශයට වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 60කි.  ප්‍රදේශයේම ජනතාව ශ්‍රමය යෙදවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන නිසා නියං සමයේ දී  ජනතාවට මෙය මහඟු අස්වැසිල්ලකි.

    අලුතින් ලිං කැණීමේ කටයුතුවලදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  අධීක්ෂණය යටතේ කණින ළිං සංඛ්‍යාව 415කි. මෙයින් ළිං 30ක් කැණීම පදවිය ප්‍රදේශයේ සිදුවේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ද පදවිය ප්‍රදේශයේ ළිං 202ක් අලුතින් කැණ තිබේ. ගැඹුරු කරන ලද ළිං සංඛ්‍යාව 95කි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ තුනක ප්‍රතිසංස්කරණය සඳහා ද රුපියල් මිලියන 175ක මුදලක් වෙන්කර තිබේ. ඒ සඳහා තෝරාගෙන ඇත්තේ මහ කනදරාව, පදවිය හා හුරුළු වැව යන ජලාශ තුනයි. මෙයින් මහකනදරාව වැවට මිලියන 75ක්, පදවිය වැවට මිලියන 50ක්, හුරුළු වැවට මිලියන 50ක් වශයෙන් මුදල් වෙන්කර ඇත.
     
    මෙම සියලු ක්‍රියාමර්ග ගෙන ඇත්තේ ජනතාව පත් ව සිටින පීඩාකාරි තත්ත්වය පාලනය කිරීමේ අපේක්ෂාවෙන් බවත් එහිදී පදවිය ප්‍රදේශයට වැඩි සැලකිල්ලක් දක්වා තිබෙන බවත් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා පැවසීය. එහෙත් ඇතැම් පිරිස් පටු පරමාර්ථ මුදුන්පත් කරගැනීම සඳහා තමන්ට කිසිදු සහනයක් නොලැබී ඇතැයි නිලධාරින්ට චෝදනා කරමින් සිටී. ආදායම් තත්ත්වය ඉතාම අඩු මට්මටමක පවතින පවුල් සඳහා මෙම සහනාධාර වැඩපිළිවෙළ ක්‍රියාවට නංවයි.  සහනාධාර අවශ්‍ය නොවන පිරිස් පවා මේ සමයේ දී සහන අවශ්‍ය බව  කියමින් මැසිවිලි නැගීම යුක්ති සහගත නැත.  එවැන්නන් නියඟය හේතුවෙන් තමන්ට කිසිදු සහනයක් ලැබුනේ නැතැයි චෝදනා කිරීම සාමාන්‍ය සිද්ධියකි.  නමුත් නියං තත්ත්වය බලපෑ  සෑම ප්‍රදේශයකට ම හැකි උපරිම අයුරින් සහන සැලසීමට පියවර ගෙන තිබේ. 
     
    දැඩි පීඩාකාරි තත්ත්වයක් උද්ගත වු  අවස්ථාවක ජනතාවට සහන සැලසීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ අඩාල කිරීමට, ඒවා අසාර්ථක කිරීමට උත්සාහ කිරීම නවතා සහයෝගයෙන් කටයුතු කිරීමට කවුරුත් සිතට ගත යුතුය. එය සැබෑ මානුෂීය ගුණාංග ඉස්මතු වීමක් බවද අනුරාධපුර දිසාපතිවරයා සඳහන් කළේය. නියඟයෙන් පීඩාවට පත් ව සිටියද කිසියම් සහනයක් නොලද අයෙකු සිටිත් නම් ඒ පිළිබඳව සොයා බලා සහන සැලසීමට පියවර ගන්නා ලෙසද දිසාපතිවරයා  දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රදේශීය ලේකම්වරුන්ට දැනුම් දී තිබේ. ජනතාවට සහන සැලසීමට සිවිල් සංවිධාන හා විවිධ ආයතනවල සහය ද තවදුරටත් බලාපොරොත්තු වන බවද  අනුරාධපුර  දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා පැවසීය.
     
    ECB/SB_dmu_Anuradhapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya