මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිලියන 7000ක වියදමින් මන්නාරමට නව විදුලිය සම්ප්‍රේෂණ මාර්ගයක්

    අගෝස්තු 23, 2014
    මන්නාරම ප්‍රදේශය සඳහා අධි සැර විදුලිය සම්ප්‍රේෂණ පද්ධතියක් ඉදිකිරීමට පියවර ගෙන තිබේ.
     
    කිලෝ වොට් 220ක ධාරිතාවකින් යුත් මෙය අනුරාධපුරයේ සිට වවුනියා‍ව දක්වා ගෙනයාමට ශක්‍යතා අධ්‍යයනක් දැනටමත් සිදුකර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. මෙම විදුලිය ජනන නව වැඩපිළිවෙළ සඳහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 7000කි.

    අනුරාධපුරයේ සිට වවුනියාව දක්වා දැනට ඇති විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිය මීට වසර 40ක පෙර සකසන ලද්දකි. මන්නාරම සහ උතුරු ප්‍රදේශයේ අනෙකුත් නගර සඳහා අවශ්‍ය විදුලි ධාරිතාව සැපයීමට එය ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන ඇත. මේ නිසා අනුරාධපුර, කලත්තෑව විදුලි උප‍ පොළෙහි සිට මිහින්තලේ, රඹැව ප්‍රදේශ හරහා නව අධි බලැති විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ඉදිකිරීමට නියමිතය. 

    යුද්ධයෙන් පසුව උතුරු ප්‍රදේශයේ අලුතින් පදිංචි වූ පිරිස් විශාල වශයෙන් ජීවත් වන නිසා ඔවුන්ගේ විදුලිය අවශ්‍යතාව සපුරාලීමත්, අනාගතයට අවශ්‍ය විදුලිය ධාරිතාව සැපිරීමත් මෙහි අරමුණයි. මෙහිදී මන්නාරම ප්‍රදේශයෙන් සුළං බලය උපයෝගි කරගෙන ද විදුලිය ජනනය කිරීමට බලාපොරොත්තු‍ වේ.
    මෙහිදී  විදුලිය රැහැන් පද්ධතිය ගෙන යාම සඳහා කණු සිටුවීමේ දී  මිහින්තලේ අභය භූමිය හා මහකනදරාව රක්ෂිතය  මගහැර එය සිදු කෙරේ. 
     
    ECB/SB_dmu_Anuradhapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya