මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    60 වසරක් ඌන සංවර්ධිත බව කී ශ‍්‍රී ලංකාව අද මැදි ආදායම් ආර්ථිකයක් හිමි රටක්

    අප්‍රේල් 06, 2014

    අවුරුදු 60ක් තිස්සේ ඌන සංවර්ධිත රටක් ලෙස හැඳින්වූ ශ‍්‍රී ලංකාව අද මැදි ආදායම් ආර්ථිකයකට හිමිකම් කියන රටක් හැටියට ජාත්‍යන්තර මුල්‍ය ආයතන සියල්ලක්ම හඳුන්වා දී ඇති බවත් එයට බලපෑවේ වීරෝධාර රණ විරුවන්ගේ කැපවීම සහ ආරක්‍ෂක ලේකම් තුමාගේ මග පෙන්වීම යටතේ අතිගරු ජනාධිපතිතුමා මේ රටට සාමය ගෙන ඒම බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්‍ෂ මහතා පැවසීය.


    සාමය උදාවීමට පෙර වසරකට ලක්‍ෂ තුනක්ව පැවති සංචාරකයින්ගේ පැමිණීම පසුගිය වසරේදී ලක්ෂ 12 දක්වා ඉහළ යන්නටත් ඇමරිකන් ඩොලර් මිලියන 200ක්ව පැවති විදේශ ආයෝජන ප‍්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 2000 දක්වා ඉහළ යාමටත් ප‍්‍රධානම හේතුව වුයේ රටට සාමය උදාවීම බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.


    එපමණක් නොව බිලියනයකටත් අඩුව අපනයනය කරපු අපේ රට අද ඇමරිකන් ඩොලර් බිලියනයක් නැත්නම් ලක්‍ෂ 1000 ඉක්මවලා බඩු අපනයන කරනු ලබන රටක් බවට පත්ව තිබෙන බව පෙන්වා දුන් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා රටේ උද්ධමනය සහ විරැකියාව අඩුවී ඇති අතර සංවර්ධන වේගය සහ ඒක පුද්ගල ආදායම වැඩිවී ඇති බවත් රටේ ණය බර දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් හැටියට සීග‍්‍ර ලෙස අඩු වී ඇති බවත් වැඩි දුරටත් කියා සිටියේය.


    අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් 2014 වසරේ දී කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ සිදු කරනු ලබන සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් එම දිස්ත‍්‍රික්කයේ මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප‍්‍රජාමූල සංවිධානවල නායකයින් ඇතුළු ජනතාව දැනුවත් කිරීම සඳහා ඉකුත් 04වන දින කුරුණෑගල මාලිගාපිටිය ක‍්‍රීඩාංගණයේ පැවති දැනුවත් කිරීමේ හමුව අමතමිනි.


    කුරුණෑගල දිස්ත‍්‍රික්කය සංවර්ධනය කිරීම සඳහා 2014 වර්ෂයට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් පමණක් රුපියල් මිලියන 5663ක් වෙන් කරන බවත් මෙම වසරේ ප‍්‍රධාන ඉලක්කය වන්නේ ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කිරීම බවත් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.


    ඒ අනුව කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධන කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට දිවි නැගුම දෙපාර්තමේන්තුව හරහා  රුපියල් මිලියන 280ක් ද, එක් ගමකට එක වැඩක් යටතේ රුපියල් මිලියන 1610ක් සහ අනෙකුත් අතිරේක සංවර්ධන කටයුතු සඳහා රුපියල්  මිලියන 606ක් ද වශයෙන් ගම නැගුම වැඩසටහන යටතේ රුපියල් මිලියන 2216 ක්ද වෙන් වේ. පළාත් නැගුම වැඩසටහන යටතේ වයඹ උදානය සඳහා රුපියල් මිලියන 2040ක් ද වාරිමාර්ග ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 328ක්ද ප‍්‍රවේශ මාර්ග ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 280ක්ද පාසල්වල සනීපාරක්‍ෂක පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 84ක් ද වනජීවින්ගෙන් සිදුවන ආපදා වැළැක්වීම සඳහා රුපියල් මිලියන 85ක්ද වෙන් වේ. මෙම මුදල්වලට අමතරව විමධ්‍යගත අයවැය යටතේ රුපියල් මිලියන 75ක් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන ලබන පක්‍ෂ විපක්‍ෂ මහජන නියෝජිතයින් සඳහා රුපියල් මිලියන 275ක් ද මෙම මුදල් වෙන් වේ.


    මෙම උත්සවයෙන් අනතුරුව පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ ප‍්‍රාදේශීය සභාවලට වතුර බවුසර බෙදාදීමේ කටයුත්තෙහිදි අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා නිරත විය.


    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න, අමාත්‍යවරුන් වන අනුර ප‍්‍රියදර්ශන යාපා, ජයරත්න හේරත්, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළත් මහාමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන නිරංජන් වික‍්‍රමසිංහ, තාරානාත් බස්නායක ඇතුළු පාර්ලිමේන්තු සහ පළාත් සභා ප‍්‍රාදේශීය සහා සහ නගර සභාවල ජනතා නියෝජිතයින් සහ කුරුණෑගල දිස්ති‍්‍රක් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා ඇතුළු රජයේ නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.


    HC

    basil rajapaksa minister kurunegala development plan 1

    kurunegala development plan 1

     

    kurunegala development plan 3

    kurunegala development plan 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya