මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවෝත්පාදන ආර්ථිකයක් බිහිකර ගැනීම ණය උගුලෙන් ගැළවීමේ මඟයි

    ජූලි 30, 2014

    නවෝත්පාදන ආර්ථිකයක් බිහිකර ගැනීම ණය උගුලෙන් ගැළවීමේ මග බවත් ශ්‍රී ලංකාව සිය අපනයන ආදායම හා ආණ්ඩුවේ ආදායම් වැඩිකර නොගතහොත් දේශීය හා විදේශීය ණය ගෙවීමට දේපොළ විකිණීමට සිදුවිය හැකි බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

    ඒ මහතා මේ බව පැවසූයේ පස් අවුරුදු (2015-2020) තාක්ෂණ ආයෝජන සැලැස්ම ගැන වාණිජ ප්‍රජාවගේ අදහස් ලබාගැනීම සඳහා කොළඹ දී පැවැති සංවාදයකදීය. ඒ මහතා රටේ ආර්ථිකය පිළිබඳව වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

    ශ්‍රී ලංකාව සිය ණයබර තුනී කරගනිමින් ආකර්ෂණීය වර්ධනයක් ලබාගනිමින් සිටිනා බව ප්‍රකාශ වී තිඛෙනවා. දුගීකම අඩුකිරීම, විරැකියාව අඩුකිරීම ආදී ක්ෂේත්‍රවල යම් යම් ආර්ථීක ජයග්‍රහණ ලැබී තිබෙනවා. කෙසේ වෙතත් ආණ්ඩුවේ වාර්ෂික ණය ගෙවීමේ හැකියාව ඉතාම භයානක තත්ත්වයකට ඇදවැටී තිබෙනවා. විවෘත ආර්ථීකය රටට ගෙන එන අවස්ථාවේ (1977) ආණ්ඩුවේ වාර්ෂික මුළු ණය ගෙවීම (රු.මිලියන 1,894) ආණ්ඩුවේ මුළු ආදායමට (රු.මිලියන 6,686) දැරූ අනුපාතය 28%කි. 1994 දී එය 55.2% දක්වාත් 2013 දී 102% දක්වාත් වර්ධනය වී තිබේ. එහි තේරුම ආණ්ඩුවේ මුළු ආදායම වාර්ෂික ණය ගෙවීමටත් ප්‍රමාණවත් නොවන බවයි. මේ නිසා එදිනෙදා වියහියදම් මෙන්ම සංවර්ධනයට ද අදාළ මුදල් ගෙවීමට ආණ්ඩුවට තවතවත් දේශීය හා විදේශීය ණය ගැනීමට සිදුව තිබේ.

    විදේශීය ණය පියවන්නේ අපනයන ආදායම්වලින් ලැබෙනා විදේශ මුදල්වලිනි. 1977 දී විදේශීය ණය ගෙවීම අපනයන ආදායමෙන් 4.6%ක් විය. 2013 දී එය 16%ක් වී තිබෙන බවද අමාත්‍ය චම්පික රණවක පවසයි.

    මේ නිසා දේශීය විදේශීය ණය ගෙවීම් පාලනය කර රටේ ආදායම හා අපනයන ආදායම වැඩිකර ගැනීමට ක්‍රියා නොකළහොත් රට භයානක ණය ගෙවීමේ ගැටලුවකට මුහුණදීමට ඉඩ ඇත. මෙවැනි ගැටලුවකට මුහුණදුන් ග්‍රීසිය, අයිස්ලන්තය, යුක්රේනය, ඉතාලිය ආදී රටවලට සිදුවුයේ ණයට හිලව් ලෙස සිය සාරවත් ඉඩම්, වරාය, දුම්රිය, විදුලි බලාගාර ආදියේ අයිතිය විදේශිකයන්ට දීමටයි. වහා පියවර නොගතහොත් ඉදිරි කාලයේ දී ලංකාවට ද ඒ ඉරණම අත්වීමට ඉඩ ඇති බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය. නවෝත්පාදන ආර්ථිකයක් බිහිකර ගැනීම ණය උගුලෙන් ගැළවීමට ද මහෝඝයක් බව හෙතෙම වැඩිදුරටත් පෙන්නා දුන්නේය.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya