අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''රට වෙනුවෙන් එකට සිටිමු'' වැඩසටහන තුළින් මඩකලපුව වාකරේ, ඕමඩියාමඩු ප්‍රදේශයට පහසුකම් රැසක්

    අප්‍රේල් 09, 2019

    මඩකලපුව දිස්ත්‍රික්කය තුළ රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන තුළින් මඩකලපුව වාකරේ, ඕමඩියාමඩු ප්‍රදේශයට පහසුකම් රැසක් ලබා දීමට පියවර ගනී.

    ඒ අනුව ප්‍රදේශයේ පානීය ජල ප්‍රශ්නයට විසදුම් ලබා දීම සඳහා ආරෝප්ලාන්ට් ජල පිරිපහදු පද්ධති දෙකක් වනතාව වෙත ප්‍රදානය කරනු ලැබිණ. එමෙන්ම යුධ සමයේදී දැඩි ලෙස පීඩාවට පත් වූ ගම්මානයක් වන මෙම ප්‍රදේශයේ පවත්නා ප්‍රවාහන අපහසුතාවන්ට පිළියමක් ලෙස පාසල් දරුවන් වෙත පාපැදි ලබා දීමද මෙහිදී සිදු විය. වගා කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන ජල පොම්ප ගොවීන් වෙත ලබා දීමට හා විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් වෙත රෝද පුටු ඇතුළු අදාළ උපකරණ ලබා දීමටද මෙම වැඩසටහන යටතේ කටයුතු කරන ලදි.

    ජනාධිපති කාර්ය සාධන බලකායේ හා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ජනතාව වෙත මෙම පහසුකම් සැලසීම ක්‍රියාත්මක වූ අතර මෙම අවස්ථාවට ජනාධිපති තාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකර හා මඩකළපුව දිස්ත්‍රික් ලේකම් එම්. උදය කුමාර් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya