අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාලම් 175ක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව බ්‍රිතාන්‍ය සමාගමකට

    පෙබරවාරි 07, 2019

    දිවයිනේ පළාත් 9 ආවරණයවන පරිදි විවිධ ප්‍රමාණයේ පාලම් 175ක් ඉදි කිරීමට රජය තීරණය කොට ඇත.

    ඒ සදහා වන කොන්ත්‍රාත්තුව ස්ටර්ලිං පවුම් මිලියන 37.7ක මුදලකට බ්‍රිතාන්‍ය සමාගමකට ප්‍රදානය කිරීම සදහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට තිබේ.

    මෙම පාලම් 175 ඉදි කරනු ලබන්නේ දිවයිනේ විවිධ ප්‍රදේශ සම්බන්ධ කිරීම මගින් ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීම හරහා ජාතික සංවර්ධනයේ ප්‍රතිලාභ දිවයිනේ දුෂ්කර ප්‍රදේශ වෙතද ලබා දීමේ අරමුණින් ග්‍රාමීය ප්‍රදේශයන්හි පාලම් 4000ක් ඉදි කිරීමේ වැඩ පිළිවෙළ යටතේ බවද අමත්‍යවරයා ඉදිරිපත් කොට ඇති යෝජනාවේ දැක්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya