අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''පෙර දැක්ම 2019 - 2019 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්තිය''- ශ්‍රී ලංකා මහබැංකුව

    ජනවාරි 02, 2019

    විදේශීය අංශය මත දැඩි බලපෑම් ඇති කරනු ලැබූ, ප්‍රධාන වශයෙන් ගෝලීය ආර්ථික, මූල්‍ය සහ භූදේශපාලනික තත්ත්ව හේතුවෙන් 2018 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය අභියෝග රැසකට මුහුණ දුන්නේය. දේශීය අභියෝග රාශියක්ද පැවතිණි.

    විශේෂයෙන්ම, වසරේ අවසාන කාර්තුවේ දී ඇති වූ දේශපාලන අවිනිශ්චිතතාව සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ඇති අභියෝග තවත් දැඩි කළේය. 2017 වසරේ දී පැවති මන්දගාමී ආර්ථික වර්ධනය අඛණ්ඩව පැවති අතර, ඒ අනුව 2018 වසරේදී ද අඩු වර්ධනයක් වාර්තා විය. යහපත් කාලගුණික තත්ත්වය කෘෂිකාර්මික අංශය යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වූ අතර, සේවා අංශයේ කටයුතු ද පුළුල් වර්ධනයක් වාර්තා කළේය. කෙසේ වුවද, 2018 වසරේදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පැවති මන්දගාමී ක්‍රියාකාරිත්වය හේතුවෙන් කාර්මික අංශයේ කටයුතුවල වර්ධනය අඩු විය. නිතර උච්චාවචනය වන ආහාර මිල ගණන්වල සහ පරිපාලිත මිල ගණන්වල සංශෝධන හේතුවෙන් තාවකාලික වශයෙන් පැවති ඉහළ යෑම් හා පහළ යෑම් මධ්‍යයේ වුවද, 2018 වසරේදී පාරිභෝගික මිල උද්ධමනය අඩු මට්ටමක පැවතිණ. පසුගිය දෙවසර තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන ලද දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට ප්‍රතිචාර දක්වමින්, 2016 සහ 2017 වසරවල වාර්තා වූ ඉහළ වර්ධනයට සාපේක්ෂව 2018 වසරේදී මුදල් සහ ණය වර්ධනය මන්දගාමී විය. පෞද්ගලික අංශය වෙතින් ණය සඳහා පැවති ඉල්ලුම පිළිබිඹු කරමින් දේශීය ණය ප්‍රමාණවත් ලෙස ප්‍රසාරණය විය.

    මෙම ප්‍රවණතා මෙන්ම, ඉදිරියේදී ඇති විය හැකි අවදානම් සහ අභියෝග සැලකිල්ලට ගනිමින්, 2018 වසර තුළ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී අප විසින් පරීක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරන ලදී. උද්ධමනයෙහි සහ උද්ධමන අපේක්ෂාවල හිතකර වර්ධනයන් මෙන්ම, මූර්ත ආර්ථිකයේ මන්දගාමී වර්ධනය සැලකිල්ලට ගනිමින් 2015 වර්ෂයේ අවසානයේ සිට ක්‍රියාත්මක වූ දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයෙහි අවසානය සනිටුහන් කරමින්, 2018 අප්‍රේල් මාසයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝවෙහි ඉහළ සීමාව පහත හෙළන ලදී. කෙසේ වුවද, විදේශීය අංශයේ ස්ථායීතාවට බලපෑ ගෝලීය සාධක සැලකිල්ලට ගනිමින් ඉන්පසුව, ශ්‍රී ලංකා මහ බැංකුව මධ්‍යස්ථ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් අනුගමනය කළේය.

     

    සම්පූර්ණ ලිපිය බලන්න-https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/press_20190102_Road_Map_2019_s.pdf

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya